දකුණු කොරියාවේ කෑමට සුනඛ ඝාතනය නවතී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-24

දකුණු කොරියාවේ කෑමට සුනඛ ඝාතනය නවතී

දකුණු කොරියාව තුළ අනුභවය සඳහා සුනඛයන් ඝාතනය කිරීම නවතා දමමින් සෝල් නුවර සියොන්ග්නැම් නගරයේ පිහිටුවා තිබූ තායිප්යොන්ග්- ඩොන්ග් නම් විශාලතම සුනඛ ඝාතකාගාරය ද කඩා ඉවත් කිරීමට තීරණය කරයි. එම ස්ථානයේ මහජන උද්‍යානයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

වසරකට මිලියන ගණනක් සුනඛයන් එරට අනුභවය සඳහා මරා දැමෙන අතර මෑත කාලීනව ඊට එරෙහිව දැඩි විරෝධයක් පැන නැගුණි. විශේෂයෙන් සුරතලුන් ලෙස සුනඛයන් ඇති කිරීමට ඔවුන් නැඹුරුවීමත් සමඟ සුනඛ සංහාරයට එරෙහි ක්‍රියාකාරීන් බිහි වනු දක්නට ලැබුණි. ඒ අනුව මේ පියවර ගනු ලැබ ඇති අතර එය ඓතිහාසික අවස්ථාවක් බව කාරියාවු සත්ව හිමිකම් සංගමය පවසයි.

Post Bottom Ad

Pages