අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දඟපන්දු යවන්නෝ අණසක පතුරුවති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-22

අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දඟපන්දු යවන්නෝ අණසක පතුරුවති

ශ්‍රී ලංකා පිල සමග පසුගියදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජයගනිමින් තරගයක් ඉතිරිව තිබියදීම තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව දිනාගත් සංචාරක එංගලන්ත පිලේ ප්‍රබලතම දඟපන්දු යවන්නා වූ ජැක් ලීච් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ක්‍රීඩකයන් 50 දෙනා අතරට සේන්දු වීමට සමත්ව සිටී.

මේ ටෙස්ට් තරගමාලාවේ ගාල්ලේ පැවැති පළමු තරගයේදි කඩුලු 5ක් ද, දෙවැනි තරගයේදි කඩුලු 8ක් ද බිඳ දමමින් වැඩිම කඩුලුලාභින් අතර දෙවැනි තැන පසුවන්නේ කඩුලු 13ක් දවාලමිනි. ඔහුගේ මේ දස්කම් හේතුවෙන් ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල 43 වැනි තැනට පත්වීමට ලීච් සමත්විය.

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගමාලාවට අමතරව මේ දිනවල පාකිස්තානය සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගමාලාව පැවැත්වෙන අතර බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර ටෙස්ට් තරගමාලාව පසුගියදා නිමාවට පත්විය. තරගාවලි 3කදී කණ්ඩායම් 6ම පන්දු යවන්නන් අතරින් දඟපන්දු යවන්නෝ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූහ.

අයි.සී.සී. නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු 18 දෙනා වෙනස් නොවූවත් නවසීලන්තයට එරෙහිව අබුඩාබි නුවර පැවැති ටෙස්ට් තරගයේ කඩුලු 6ක් දවාලූ පාකිස්තාන පිලේ යසීර් ෂා ස්ථාන දෙකක් පසුකරමින් 19 වැනි තැන අත්කර ගැනීමට සමත් විය. මේ ලැයිස්තුවේ 18 වැනි තැන රැක ගැනීමට ඩිල්රුවන් පෙරේරා සමත්වූයේ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගමාලාවේ තරග2ක් නිමාවෙද්දී කඩුලු 14ක් දවාලමිනි. ඩිල්රුවන් සහ මුයින් අලි දෙදෙනාම තරගමාලාවේ කඩුලු 14ක් ලබා වැඩිමකඩුලුලාභියෝ බවට පත්වූහ. මේ අතර සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදි බංග්ලාදේශයට ජයගෙන දුන් දඟපන්දු යවන්නන් වන තයිජුල් ඉස්ලාම් සහ මෙහෙඩි හසන් පිළිවෙළින් 27 සහ 28 ස්ථාන අත්කරගත්හ.

සිම්බාබ්වේ පිලේ සුපිරි දඟ පන්දු යවන්නා වන කයිල් ජාවිස් ස්ථාන 19ක් පසුකර 40වැනි තැන අත්කර ගැනීමට සමත්වී ඇති අතර පල්ලෙකැලේ තරගයේ එංගලන්ත දෙවැනි ඉනිමෙන් කඩුලු 6ක් උදුරා ගත් අකිල ධනංජය ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 41 වැනි තැනට පත්විය.

-ෆවුස් මොහොමඩ්

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages