කඩිනම් මැතිවරණයකට යන්න – ජනපති, අගමැතිගෙන් මැකොට උපදෙස්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-07

කඩිනම් මැතිවරණයකට යන්න – ජනපති, අගමැතිගෙන් මැකොට උපදෙස්.

Election_Marks

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හා ආග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ  උපදෙස් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන  පවසයි. අද(07) කොළඹ පැවති මාධ්‍ය  හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණ නව ක්‍රමයට පැවත්වීමට නොහැකි නම් මනාප ක්‍රමයට හෝ පැවැත්වීමට එහිදී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව මන්ත්‍රීවරයා පැවසීය.

ලබන 14 වනදාට නිත්‍යානුකූල වශයෙන් රැස් වන පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් නව ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන්පසු සභාව එක් දිනක් සඳහා කල් දැමීටට නියමිත බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ අතර ලබන 14 රැස්වීමට නියමිත් පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීම සඳහා අවශ්‍ය නොවන බවත් එහිදී අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

The post කඩිනම් මැතිවරණයකට යන්න – ජනපති, අගමැතිගෙන් මැකොට උපදෙස්. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages