තෙවිඳු හංසනගෙන් පන්දුවෙන් දස්කම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-22

තෙවිඳු හංසනගෙන් පන්දුවෙන් දස්කම්

මොරටුව ක්‍රීඩා ඩිල්වින් මෙන්ඩිස්

කොළඹ ඉසිපතන විදුහලේ වමතින් පා දඟ පන්දු යවන තෙවිඳු හංසන සිංගර් කුසලානය සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අන්තර් පාසල් අවුරුදු 13න් පහළ පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී කඩුලු 28ක් දවාගෙන තම පාසල දෙවන වටය සඳහා ගෙන යෑමට විශාල දායකත්වයක් ලබාදී තිබේ.

ඉසිපතන විදුහල මෙවර තරගවාරයේදී නුගෝගොඩ සාන්ත ජෝන්, ද මැසනොඩ්, පානදුර රාජකිය, ආනන්ද ශාස්ත්‍රාලය සහ සීතාවක රාජසිංස විදුහල සමග තරග වැදුනු අතර ඔහුගේ දක්‍ෂතම පන්දු යැවීම වූයේ අවිස්සාවේල්ල සීතාවක විදුහල සමග පැවැති තරගයේදී ලකුණු 35 කට කඩුලු 10ක් (8/5 සහ 27/5) දවා ගැනීමය. ඉසිපතන විදුහල් 13න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කැළුම් රත්නවීර මහතා කටයුතු කරයි.

Post Bottom Ad

Pages