අවසන් ටෙස්ට් ගැටුමේ දින දෙකක් තව ඉතිරියි: තීරණය විවෘතයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-26

අවසන් ටෙස්ට් ගැටුමේ දින දෙකක් තව ඉතිරියි: තීරණය විවෘතයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 274ක් පසුපසින්

ශ්‍රී ලංකාව හා එංගලනතය අතර කොළඹ එස්. එස්. සී පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 327ක ඉලක්කයක් කරා හඹා යන ශ්‍රී ලංකාව කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 53ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියි. තවත් දින දෙකක් සම්පූර්ණයෙන්ම ඉතිරිව ඇති මේ තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ජයග්‍රහණය උදෙසා ලකුණු 274 පසුපසින් සිටී. එබැවින් මේ තරගයේ ජයග්‍රහණය දෙපිලටම විවෘතවී ඇත. ඊයේ තෙවැනි දිනය නිමා වෙද්දී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 15ක් හා ලක්ෂාන් සඳකැන් නොදැවී ලකුණු 4ක් ලබා සිටී.

එංගලන්ත දඟ පන්දු යවන්නන්ගෙන් එල්ලවූ පීඩනය මැද ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 6කට දැවී ගිය අතර ධනංජය ද සිල්වා ලකුණු බිංදුවකට, දිමුත් කරුණාරත්න ලකුණු 23කට හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 5කට දවා ගැනීමට දඟ පන්දු යවන මොයින් අලී, ජැක් ලීච් හා වේග පන්දු යවන බෙන් ස්ටෝක්ස් සමත් වූහ. මුල් කඩුලු තුනම ඕවර් 12ක් තුළදී දවා ගැනීමට එංගලන්ත දඟ පන්දු යවන්නන් දෙදෙනා සමත්වීම ශ්‍රී ලංකාවට එල්ලවූ පීඩනය බරපතල එකක් විය.

එංගලන්තය පළමු ඉනිමේ රැස්කළ ලකුණු 336ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 240ක් වාර්තා කළ අතර එංගලන්තයේ දෙවැනි ඉනිම ඊයේ ලකුණු 230කට සීමා විය.

එංගලන්ත දෙවැනි ඉනිමේ මුල් කඩුලු කඩුලු 4ක් ලකුණු 39කට දැවී තිබියදී බෙන් ස්ටෝක්ස් හා බෙයාර්ස්ටෝ පස්වැනි කඩුල්ලට ලකුණු 79ක සම්බන්ධතාවක් ගොඩනැගීම අස්වැසිල්ලක් විය. ලකුණු 42ක් ලබා සිටියදී පුෂ්පකුමාර යැවූ පන්දුවක් ඔහු අතටම උඩ පන්දුවක්දීමෙන් ස්ටෝක්ස්ගේ ඉනිම නිමාවට පත්විය. ස්ටෝක්ස් ලකුණු 22දී හා ලකුණු 32දී ගුණතිලකට හා ධනංජයට සඳකැන්ගේ පන්දුවල උඩ පන්දු දෙකක් ලබා දුන්නද එම පන්දු දෙකම නිපන්දු විය. ඉතාම තීරණාත්මක අවස්ථාවකදී වෘත්තීමය පන්දු යවන්නකු මෙලෙස නිපන්දු යැවීම විශාල දුර්වලතාවකි.

එංගලන්තය කඩුලු 5ක් බිඳ වැටී ලකුණු පුවරුව 168ක් වෙද්දී සඳකැන්ගේ පන්දුවක් ලෙග්ස්ටම්ප් එකෙන් ඉවතට යද්දී ඉදිරියට පැමිණි බට්ලර්ගේ ඉලක්කය වැරදී දික්වැල්ල ස්ටම්ප් කිරීමෙන් ලකුණු 64කට දැවී ගියේය. තම 12වැනි ටෙස්ට් අර්ධ ශතකයට මිනිත්තු 133ක් කඩුල්ලේ රැදී සිට පන්දු 79කට මුහුණදී බට්ලර් හතරේ පහර 3ක් එල්ල කළේය. සඳකැන්ගේ ඊළග ඕවරයේ තෙවැනි පන්දුවේදී මොයින් අලී පළමු ස්ලිප් හී සිටි ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක්දී ලකුණු 22කට දැවී ගිය අතර ෆෝක්ස් නොදැවී ලකුණු 36ක් ලබා සිටියේය.

පෙරේදා ආරම්භවූ ශ්‍රී ලංකා ඉනිම පළමු ඉනිමේදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 4ක් ලබා තිබියදී පළමු ස්ලිප්හී සිටි ජෝ රූට් අතට උඩ පන්දුවක් ලබා දුන්නද එය රැක ගැනීමට නොහැකි විය. එවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 7ක්ව තිබිණි. ශ්‍රී ලංකාව ලකුණු 31ක් වෙද්දී ධනුෂ්ක ගුණතිලක ලකුණු 18කට දැවීගිය අතර අනතුරුව දෙවැනි කඩුල්ලට ලකුණු 142ක සම්බන්ධතාවක් දිමුත් කරුණාරත්න හා ධනංජය ද සිල්වා ගොඩනැගූහ. පන්දු 129කදී හතරේ පහර 8ක් සමග සිය 6වැනි අර්ධ ශතකය සටහන් කරමින් ලකුණු 73ක් ලබාගත් අතර දිමුත් කරුණාරත්න පන්දු 125කදී හතරේ පහර 9ක් සමග සිය 20වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේය. මේ දෙදෙනාගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 187ක්ව තිබූ අතර පෙරේදා තේ පානයෙන් පසුව මිනිත්තු 40ක් පමණ ගතවෙද්දී ඉතිරි කඩුලු 7ක් ලකුණු 53ක් තුළ දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 27ක් වාර්තා කිරීම හැරුණු කොට ඉතිරි පිතිකරුවන් හයදෙනකුම ලකුණු 5කට වඩා වාර්තා කිරීමට සමත්වූයේ නැත. අදීල් රෂීඩ්ගේ දඟ පන්දුව ශ්‍රී ලකාවට තර්ජනයක්වූ අතර, ඔහු ලකුණු 49කට කඩුලු 5ක් බිඳ හෙළීය. ‘ෂෝට් ලෙග්’ හී සිටි ජෙනින්ග්ස් උඩ පන්දු 4ක් රැක ගැනීමද කැපී පෙණුනි.

 

අද තරගයේ සිවුවැනි දිනයයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages