කසුන්ගේ ගෝල් ත්‍රිත්වයත් සමඟ සෝන්ඩර්ස් අර්ධ අවසන් වටයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-06

කසුන්ගේ ගෝල් ත්‍රිත්වයත් සමඟ සෝන්ඩර්ස් අර්ධ අවසන් වටයට

ප්‍රින්ස් ගුණසේකර

එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ කසුන් ජයසූරිය ගෝල් ත්‍රිත්වයක් වාර්තා කරයි. පසුගිය සති අන්තයේ පැවැති තරගවලන් ජයගත් රිනවුන්, පොලිස් හා කොළඹ පාපන්දු සමාජය එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති සෝන්ඩර්ස් - එවරෙඩි ක්‍රීඩා සමාජය අතර තරගයේ පළමු භාගයේදී ගෝල් 3-1ක් ලෙස සෝන්ඩර්ස් ඉදිරියෙන් සිටියේය.

සෝන්ඩර්ස් පිලේ පළපුරුදු ක්‍රීඩක ක්‍රිෂාන්ත අබේසේකර 26වැනි මිනිත්තුවේදී හා එස්. නිරේෂ් 45වැනි මිනිත්තුවේදී ගෝල් වාර්තා කළ අතර තරගයේ පළමු භාගය නිමාවීමට ආසන්නව තිබියදී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩක කසුන් ජයසූරිය 47 වැනි මිනිත්තුවේදී සිය පළමු ගෝලය වාර්තා කළේය. එවරෙඩි ක්‍රීඩා සමාජයේ රමේෂ් කුමාර 28වැනි මිනිත්තුවේදී හා 78වැනි මිනිත්තුවේදී ගෝල් වාර්තා කළේය.

දෙවැනි භාගයේදී ක්‍රියාත්මකවූ කසුන් ජයසූරිය 74 මිනිත්තුවේදී හිසෙන් එල්ල කළ පහරකින් හා 93වැනි මිනිත්තුවේදී එවරෙඩි ආරක්ෂක වලල්ලේ තිබූ දුර්වලතා හේතුවෙන් පහසු පහරකින් ගෝල් වාර්තා කොට සෝන්ඩර්ස් ජයග්‍රහණය තහවුරු කළේය. සෝන්ඩර්ස් පිල වෙනුවෙන් සනෝජ් සමීර 86වැනි මිනිත්තුවේදී ගෝලයක් එක් කළේය.

මේ අතර පළමු භාගයේදී ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයක සිටි නිගම්බු යූත් පිල දෙවැනි භාගයේදී ඉතා පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකා පොලිස් පාපන්දු පිල ගෝල් 3-1ක ජයක් වාර්තා කළේය. පොලිස් පිල වෙනුවෙන් එම්. ජේ. ආර්. ගුණරත්න හා නිගම්බු යූත් වෙනුවෙන් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු පළමු භාගයේදී ගෝල් වාර්තා කළද දෙවැනි භාගයේදී චතුර ගුණරත්න හා රියාස් මොහොමඩ් තවත් ගෝල් 2ක් පොලිස් පිලට එක් කළහ.

රිනවුන් - ගුවන් හමුදාව අතර තරගයේදී ගුවන් හමුදාව ඉතා පහසුවෙන් පරාජය කිරීමට රිනවුන් පිලට හැකි විය. රිනවුන් මේ තරගයේදී ගෝල් 4ක් වාර්තා කරද්දී ගුවන් හමුදා පිලට ගෝල් වාර්තා කිරීමේ හැකියාව උදා නොවුණි. රිනවුන් වෙනුවෙන් අනගි මෙහෙයක් කළ දිලීප් සුරාජ් ගෝල් ත්‍රිත්වයක් හා ඩිලාන් මධුසංඛ ගෝලයක් ලබා ගත්හ.

කොළඹ පාපන්දු සමාජය හා ජාවාලෙන් අතර සුගතදාස පිටියේ පැවැති තරගයේදී ගෝල් 3-1ක ජයක් කොළඹ පිලට හිමිවූ අතර මොහොමඩ් ආකීබ්, බුද්ධික පෙරේරා හා මොහොමඩ් ෆසාල් කොළඹ පිලට ගෝල් එක් කළහ. මාලක පෙරේරා ජාවාලේන් නාමය ඉදිරියේ එකම ගෝලය සටහන් කළේය.

Post Bottom Ad

Pages