එවරස්ට් කදු මුදුනේ මිය යන පිරිසගේ මල සිරුරු ඉවත් නොකරන හේතුව මෙන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-17

එවරස්ට් කදු මුදුනේ මිය යන පිරිසගේ මල සිරුරු ඉවත් නොකරන හේතුව මෙන්න

එවරස්ට් කදු මුදුනේ මිය යන පිරිසගේ මල සිරුරු ඉවත් නොකරන හේතුව මෙන්න

එවරස්ට් යනු ලෝකයේ උසම කන්ද ලෙස ප්‍රචලිත නමුත්, බොහෝ දෙනෙක් නොදන්නා පරිදි, ලෝකයේ විශාලතම විවෘත සොහොන් බිම යන බිහිසුණු නමින්ද හැඳින්වෙයි.

වසර 1953 දී, නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි සහ නේපාලයේ ශර්පා කුලයට අයත් ටෙන්සිං නෝර්ගේ ප්‍රථම වරට එවරස්ට් කඳු මුදුනට පය තැබීමෙන් පසු, පුද්ගලයින් 4,000 කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ අඩි පාරේ ගමන් කළ අතර, දරුනු දේශගුණය සහ භයානක භුමි ප්‍රදේශය නොසළකා හරිමින් මොහොතක අභිමානයක් සඳහා සිය දිවිය පරදුවට තැබූහ.

කෙසේවෙතත්, ඔවුන්ගෙන් සමහරෙක් කිසිදු දිනෙක එම අඩවියෙන් පිටතට පැමිණියේ නැත.

දළ වශයෙන් මුහුදු මට්ටමේ සිට අඩි 26000 කට වඩා උස කඳුකරයේ ඉහළ කොටස හැඳින්වෙන්නේ මාරක කළාපය ලෙසිණි.

එහි අඩංගු ඔක්සිජන් ප්‍රතිශතය මුහුදු මට්ටමේ ඇති ඔක්සිජන් ප්‍රතිශතයෙන් තුනෙන් එකක් පමණ වන අතර, වායු පීඩනය පහල වැටීම සහ ශරීර උෂ්ණත්වය අස්වාභාවික අන්දමින් අඩුවීම හේතුවෙන් කඳු නගින්නන් අක්‍රිය, අන්දමන්ද සහ උදාසීන කරවන අතර ඔවුන්ගේ අවයව වල දැඩි ආතතියකට හේතු විය හැකිය. මේ නිසා කිසිදු කඳු නගින්නෙකු කඳුවැටියේ මේ මාරක කළාපයේ සාමාන්‍යයෙන් පැය 48 කට වැඩි කාලයක් ගත නොකරති.

ඊට එරෙහි වන්නන්ට සහ අවාසනාවන්තයින්ට සාමාන්‍යයෙන් සිදුවන්නේ තම ජීවිතයෙන් සමුගනීමටයි. ඔවුන් ජීවිතයෙන් සමුගත් ස්ථානයේම ඔවුන්ගේ සිරුරු දකින්නට ලැබේ.

සම්මත පිළිවෙත අනුව මිය ගිය කෙනෙක් එම ස්ථානයෙන් ඉවත් නොකරයි. එබැවින් කඳු නගින්නන්ට අනතුරු ඇඟවීමක් ලෙස සහ මග සළකුණු හඳුන්වා දීම සඳහා සදාකාලිකව මෙම මළසිරුරු මෙම මාරක කළාපයේ පවතිනු ඇත.

මාරක කළාපයේ ඇති “කොළ පාවහන්” යන නමින් ප්‍රචලිත මළසිරුරක් කඳු මුදුණට ගමන්ගන්නා සෑම කෙනෙකුටම දැකගන්නට ලැබේ. කොළ පැහැති පාවහන් යුවලේ අයිතිකරුගේ අනන්‍යතාවය අතිශයින්ම අභියෝගයට ලක්ව ඇතත් 1996 දී මියගිය ඉන්දියානු කඳු නගින්නෙකු වූ ත්සේවන්ග් පල්ජෝර් යනු වඩාත් පුළුල් ලෙස විශ්වාස කෙරේ.

උපුටා ගැනීමකි



from Gossip Lanka News & Video https://ift.tt/2OOTZUq
via internet

Post Bottom Ad

Pages