ප්‍රහාරයකින් කරච්චිහි චීන තානාපති කාර්යාලයේ පොලිසියේ දෙදෙනක් මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-24

ප්‍රහාරයකින් කරච්චිහි චීන තානාපති කාර්යාලයේ පොලිසියේ දෙදෙනක් මරුට

කරච්චිහි පිහිටි චීන තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මිය ගොස් ඇති අතර එහි ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇත. මෙය වෙඩි තැබීමක් ලෙස වාර්තා කරන එරට මාධ්‍ය, තානාපති කාර්යාලට ඇතුළුවීමට උත්සාහ කළ තුවක්කුකරුවන් සිවුදෙනකු විසින් මේ වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන් කරයි.

වෙඩි හුවමාරුවේ දී ඔවුන්ගෙන් තිදෙනකු මිය ගොස් ඇති අතර එම පරිශ්‍රයේ ආරක්ෂාව තර කර තිබේ. තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල‍යට කිසිදු අනතුරක් නැති බව තහවුරු කරමින් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් ආරක්ෂිත බවයි.

බලුකිස්තානයේ බෙදුම්වාදී කණ්ඩායමක් විසින් මේ ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages