යුද හමුදා ගෘහස්ථ ඔරුපැදීමෙන් සංඥා සහ පොදු සේවා බළකා සමස්ත ශූරතා දිනයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-02

යුද හමුදා ගෘහස්ථ ඔරුපැදීමෙන් සංඥා සහ පොදු සේවා බළකා සමස්ත ශූරතා දිනයි

යුද හමුදා සාමාජිකයන්ගේ දරාගැනීම ශක්තිය, මානසික ශක්තිය හා ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු කරමින් නව ක්‍රීඩා ක්ෂේත්‍රයකට ප්‍රවිෂ්ඨවීමේ අරමුණින් 6 වැනි වරට සංවිධාන කළ ගෘහස්ථ ඔරු පැදීමේ තරගාවලියේ පිරිමි අංශයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා සංඥා බළකා කණ්ඩායම හිමිකරගත් අතර කාන්තා අංශයේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකා කණ්ඩායම සතුවිය.

විවෘත තරග ඉසව්ව සහ අභියෝග තරග ඉසව්ව ලෙස කොටස් දෙකක් යටතේ වයස් කාණ්ඩ තුනක් නියෝජනය කරමින් පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති තරගාවලියේ දී ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල කණ්ඩායම පිරිමි අංශයේ අනුශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා බලකා කණ්ඩායම පිළිවෙළින් කාන්තා අංශයේ අනුශූරතාව සහ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ විවෘත අංශයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා කණ්ඩායම දිනාගත් ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල කණ්ඩායමට අනුශූරතාව හිමිවිය. විවෘත කාන්තා අංශයේ ශූරතාව ශ්‍රී ලංකා කාන්තා බළකා කණ්ඩායම සතුවෙද්දී අනුශූරතාව ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායමට හිමි විය.

තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සාමාන්‍ය සෙබල එම්.එන්.එස්. ගුණරත්නත්, තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස කාන්තා සෙබල ජේ. මයුංගාත් සම්මාන දිනා ගත්හ.

යුද හමුදාවේ රෙජිමේන්තු හා ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් තරගකරුවෝ 250 ට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ‘Concept-2’ වර්ගයේ යන්ත්‍ර ආධාරයෙන් මේ තරගාවලිය පැවැත්විණි.

යුද හමුදා ඔරු පැදීම් ක්‍රීඩාව 1999 වර්ෂයේ ආරම්භ කරනු ලැබූව ද පැවැති යුද්ධමය තත්ත්වය හේතුවෙන් එය 2009 වසර තෙක් අඛණ්ඩව සිදුකිරීමට නොහැකි විය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට යුද හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග මහතා සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ආරාධිත රැසක් ද එක්වූහ.

Post Bottom Ad

Pages