ඔස්ට්‍රේලියා-එංගලන්ත අවසන් සටන අද - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-24

ඔස්ට්‍රේලියා-එංගලන්ත අවසන් සටන අද

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්

 බටහිර ඉන්දීය කොදෙව් හීදී පැවැත්වෙන 6වැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (24) ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙයි.

සිවුවැනි වරටත් ලෝක කුසලානය ජය ගැනීමේ අරමුණින් මෙග් ලැනින්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියාව අද තරග බිමට පිවිසෙන අතර හෙදර් නයිට් මෙහෙයවන එංගලන්ත කාන්තා පිල තරගයට එක්වන්නේ 2009 පසු ලෝක විස්සයි20 ශූරතාව අත්කර ගැනීමේ අරමුණෙනි.

ඔස්ට්‍රේලියාව විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට එක්වන්නේ 5 වැනි වරටය. ඔවුන් අවසන් තරගයට එක්වීමේ අවස්ථාව අහිමිවූයේ පළමු විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී පමණක් වීම කැපී පෙනෙයි.

2014 වසරේ බංග්ලාදේශයේ පැවැති 5 වැනි ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදීත් ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය හමුවූ අතර එවර එංගලන්තය කඩුලු 6කින් පරාජය කිරීමට ඔස්ට්‍රේලියාවට හැකිවිය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී වත්මන් ලෝක ශූරියන් වූ සත්කාරක කොදෙව් පිල ලකුණු 71කින් පරාජය කරමින් ‘බී’ කාණ්ඩයෙන් තරග කළ ඔස්ට්‍රේලියාව අවසන් තරගයට පිවිසි අතර එංගලන්ත කාන්තා පිල අවසන් තරගයේ සිය ඉඩ වෙන්කර ගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී පසුගිය වසරේ අනුශූරියන් වූ ඉන්දියාව කඩුලු 8කින් පරාජය කරමිනි. එංගලන්තය තරගාවලියේ මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළේය.

පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 142ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය සත්කාරක ක්‍රීඩිකාවන්ට ඕවර 17.3කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 71ක් පමණි.

දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 19.3කදී ලකුණු 112කට දවාගත් එංගලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 17.1කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි.

මෙග් ලැනින්

හෙදර් නයිට්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages