දැන්වත් ඉතින් යන්න. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-23

දැන්වත් ඉතින් යන්න.

Mahinda_and_Sirisena_12_15

රට අරාජික කර අඳුරේ හෙලා බලය ලබාගැනීමේ ශාපයට හවුල්කරුවන් සිටින මහින්ද රාජපක්ෂට සහ මෛත්‍රීපාල සිරිසේනට අවාසනාවන්ත ඛේදජනක  ඉරණමෙන්   ගැළවීමට ඇති එකම අවස්ථාව මග නොහැරුණු ඇතැයි රටේ ජනයාගේ මේ  මොහොතේ  ප්‍රාර්ථනයයි.දේශපාලන පෞරුෂය වෙනම අනන්‍යතාවයක් සහිත නායකයෙක් ලෙස මෙතෙක්  පිළිගැනීම්ට ලක්වූ  මහින්ද රාජපක්ෂ  සිය දේශපාලන සෞඛ්‍යයට නිව්මෝනියාව වැලඳී මරණාසන්න ඇති මොහොතක අකල් මරණයෙන් මහින්දගේ දේශපාලන සෞඛ්‍ය බේරාගැනීමට ඇති එකම අවස්ථාවව ගරු කටයුතු ලෙස ඉල්ලා අස්වීමය .
ජනාධිපති  මෛත්‍රීපාල ලෙස සිරිසේන මේ වන විට සියලු  ශ්‍රී ලාංකිකයන්ගේ වෛරයට පිළිකුලට සහ විරෝදතාවයට ලක්ව සිටීන  මොහොතේ මෛත්‍රීපාල සිරිසේනට පක්ෂග්‍රාහීව සිටියේ නම් ඔවුන් කොටස් දෙකකට වර්ග කළ හැකියි .පළමු කොටස් රනිල් වික්‍රමසිංහට බරපතළ ලෙස වෛර කිරීමේ ව්‍යාධියට ලක්ව සිටින අය සහ  සිරිසේන ජනාධිපතිවරයාගේ විධායක බලයට මුවාවී හෝ බලය අත්හදා බලමින් මාස ගණනක් හෝ ඒ මතින් රැකීමේ මානසිකත්වයෙන් සිටින අයයි
රට ලේ විලක් නොකර, ඝාතකයන් ලෙස ඔටුනු නොපැළඳ ඔවුන්ගේ කණ්ඩායමේ වේල්ගමලා වැනි කෘතස්ත දේශපාලනඥයින්ට  හෝ සවන්දී  නික්ම යායුතුය. එවැනි හෝරාවක් දැන් එළඹ ඇත. ඉතින් මිනී මරා  හෝ  බලයේ සිටින්නට, කෙක්කෙන් නැතිනම් කොක්කෙන් හෝ බලය ලබා ගැනීමේ කේවට්ට මගපෙන්වීම් අනුව රෑ වැටුණු වළේ දවාලෙත් නොවැටි  මහත්වරුන්   ලෙස සමුගැනීමෙන් මහා ප්‍රපාතයක්  අදද්දර ඇති රට, ප්‍රපාතයට වැටීම වලක්වා ගැනීමට තවමත් අවස්ථාව ඇති බව පෙන්වා දෙමු.

The post දැන්වත් ඉතින් යන්න. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages