ණයට මුදල් ඉල්ලා නොදුන් තරහට අතක උපන් භූතයා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-17

ණයට මුදල් ඉල්ලා නොදුන් තරහට අතක උපන් භූතයා

Image result for ghost

අතුරුගිරියේ සෝමපාල සිල්ලර වෙළඳාමක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකි. බිරිය කමලාවතී ය. ඔවුහු එක් දරුවෙකුගේ මවුපියෝ ය. දැනට අවුරුදු පහක සිට සෝමපාලගේ දකුණු අත අප්‍රාණිකය. අත උස්සන්නට නොහැකිය. දේශීය හා බටහිර ප්‍රතිකාර කළත් සුවයක් වූයේ නැත. ස්කෑන් පරීක්ෂණවලින් ද ඔහුගේ අතේ ආබාධයක් ඇතැයි අනාවරණය නොවීය. අමනුෂ්‍ය දෝෂයක් ද ඇතැයි සිතිය නොහැකිය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබෙන විට ඒ ගැන සැක සිතී යන්ත්‍ර මන්ත්‍ර ආරක්ෂාවලට ද යොමුවූහ.

අවසානයේ කමලාවතී සහ පුතා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඔහු කැටුව ආහ. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී රෝගියා ඉදිරිපත් කොට ප්‍රතිකාර පැතූහ.

ගවේෂකවරයා රෝග පරීක්ෂාව සඳහා සෝමපාල වෙතට ශක්ති කිරණ එල්ල කරන විට ඔහු ගැහෙන්නත්, පැ‍ද්දෙන්නත් අඬන්නටත් විය. ඉන් එහා දෙයක් එදින මතු නොවූයෙන් ගමේ පන්සලේ දී බෝධි පූජා දින විසි එකක් පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා පවත්වා නැවත පැමිණි දිනයේ සෝමපාල දිෂ්ටි ගැන්වී භූතාත්මයක් මතුව කතා කරන්නට විය. ගවේෂකවරයා භූතාත්මය සමඟ ප්‍රශ්න කරමින් කතා කරන්නට වූයේය.

“කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නේ” යි ඇසීය.

“මම නිහාල්” යැයි භූතාත්මය උත්තර දුන්නේය.

“කවුද මේ නිහාල් කියන්නේ?”

“මම මේ සෝමපාල මුදලාලි එක්ක ගන‍ුදෙනු කළ මේ ගමේ ම කෙනෙක්” යැයි කී භූතාත්මය නොනවත්වා අඬන්නට විය.

භූතයාගේ ඇඬිල්ල නතර නොවන බැවින් සෝමපාල ප්‍රකෘති සිහියට පත්කොට මේ නිහාල් කවුදැයි සෝමපාලගෙන් විමසීය.

“මහත්මයා නිහාල් අපේ ගමේ ම කෙනෙක්. ගමේ ගෙයක් ගානෙ ගිහින් කෙසෙල් කැන් එකතු කැරගෙන ඇවිත් මගේ කඩේට ඒවා විකුණනවා. ඒක තමයි නිහාල්ගෙ ආදායම් මාර්ගය.”

“සෝමපාලත් නිහාලුත් අතර මොකක් හරි අමනාපයක් එහෙම තිබුණ ද?”

“එහෙම විශේෂ අමනාපයක් සිද්ධ වුණේ නැහැ. නිහාල් කෙසෙල් කැන් ගෙනත් දෙනවා. මම සල්ලි දෙනවා. හැබැයි දැනට අවුරුදු අටකට විතර කලින් දවසක් නිහාල් කඩේට ඇවිත් මගෙන් රුපියල් පන්සීයක් ණයට ඉල්ලුවා. මම ලාච්චුවට අත දාල රුපියල් පන්සීයක් අතට අරගෙනත් මට නිහාල්ට සල්ලි දෙන්න හිතුණෙ නෑ. සල්ලි නැහැ කියලා මම කිව්වා. නිහාල් බලාගෙන ඉඳලා මොකුත් නොකියා යන්න ගියා. ඊට ටික වෙලාවකට පස්සෙ ආරංචි වුණා නිහාල් ගෙදර ගිහින් එල්ලිලා මැරුණා කියලා.” යැයි සෝමපාල අතීත මතකය අවදි කර කීවේය.

ගවේෂකවරයා නැවත සෝමපාලට භූතාත්මය දිෂ්ටි ගන්වා ප්‍රශ්න කළේය.

“මොකද මේ සෝමපාල මුදලාලිට කරදර කරන්නේ?” යි ඇසීය.

“මම කරදර කරන්නේ නැහැ.”

“නැත්තෙ මොකද? සෝමපාල මුදලාලිගෙ දකුණු අත පණ නැති වෙලා. ඒ අතින් වැඩක් පළක් කරන්න බැරි එක කරදරයක් නොවෙයිද?”

“මහත්තයා! මම අමුතුවෙන් හිතලා කරදරයක් කරන්නේ නැහැ. ඒත් මම ඉන්නේ මුදලාලිගෙ දකුණු අතේ.”

“ඒ මොකද?”

“මහත්තයා, මම රස්සාවට කළේ කෙසෙල්කැන් වෙළෙඳාම. ගමෙත් ගම අවට ගම්වලත් බයිසිකලයෙන් ගිහින් කෙසෙල්කැන් හොයාගෙන ඇවිත් කඩවලට දානවා. වැඩිපුරම දාන්නෙ සෝමපාල මුදලාලිගෙ කඩේට. ඔය වෙළඳාමෙන් ලැබෙන සුළු ආදායමෙන් තමයි මමත් මගේ ගෑනිත් දරුවො තුන්දෙනාත් ජීවත් වුණේ. සල්ලි හම්බ කරන්න තියෙන අමාරුව මගේ ගෑනි දන්නෙ නෑ. අත දිග ඇරලා වියදම් කරන්න නම් දන්නවා. පොඩ්ඩ අඩුපාඩු වුණොත් කන්දොස්කිරියාව.

ලොකු පුතාට ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකාවක් යන්න යෙදිලා. ඒ බස් ගාස්තුව රුපියන් පන්සීයක් ඕනැවෙලා. මා ළඟ සල්ලි තිබුණෙ නෑ. කීප දෙනෙක්ගෙන් ඉල්ලුවා ලැබුණෙ නෑ. ගෙදර පය ගහන්න විදිහක් නෑ. අම්මයි පුතයි දෙන්න ම කෝ ගෙනාවද? කෝ ගෙනාවද කියලා අහනවා. දොස් කියනවා. හෙට උදේ ඉස්කෝලෙට සල්ලි ගෙනියන්න ඕනැලු. මම සෝමපාල මුදලාලිගෙ ‍කඩේට ගිහින් මුදලාලිගෙන් රුපියල් පන්සීයක් ඉල්ලුවා ණයට. මුදලාලි ලාච්චුවට අත දැම්මා. පන්සීයෙ නෝට්ටුවක් අතට ගත්තා. ආයෙත් නෝට්ටුව ලාච්චුවට දාලා වැහුවා. මේ වෙලාවෙ සල්ලි නෑ බං කිව්වා.”

“මට කරන්න වෙන කිසිම දෙයක් තිබුණෙ නෑ. ගෙදර ගියා. බයිසිකලේ බිත්තියට හේත්තු කළා විතරයි. අම්මයි පුතයි ගේ ඇතුළෙ ඉඳලා ඉස්තෝප්පුවට දුවගෙන ආවා. හරිද? හරිද? කියලා ඇහුවා. මම හරි. හරි. කියලා පිළිකන්නෙ ළිඳ ළඟට ගියා. පනිට්ටුවෙ ගැට ගහලා තිබුණ කඹේ ලිහා ගත්තා. ඉඩමෙ උඩහ තිබුණ අඹ ගහට නැග්ගා. කඹය ගහේ අත්තක ගැට ගහලා අනිත් කෙළවරේ තොණ්ඩුව බෙල්ලට දා‍ගෙන පහළට පැන්නා. එතකොට ම මට මුදලාලි ලාච්චුව වහපු අත මතක් වුණා. මම මුදලාලිගෙ අතේ උපන්නා. එදා ඉඳලා ඉන්නේ මුදලාලි‍ෙග අතේ” යි භූතාත්මය කීවේය.

“ඔබ ඔය අතේ ඉන්නේ පළිගන්න නේද?”

“අනේ නැහැ. පළිගන්න අදහසක් මා තුළ නැහැ. මට අත මතක් වුණා. අතේ උපන්නා. එච්චරයි මම දන්නේ.”

“එහෙම නම් ඔය අතෙන් ඉවත් වෙලා යන්න.”

“අනේ බැහැ. දැන් අවුරුදු අටක් ම හිටිය තැන. මට මගේ ගෙදර වගෙයි. මට යන්න බැහැ.”

“ඔබට මොනවද වුවමනා?”

‍‍“මට මගේ ගෙදර අය ගෙනත් දෙන්න. කතා කරන්න.”

“බැහැ. බැහැ. ඒක හොඳ නැහැ. ඔබේ ගෙදර අය මේ සිද්ධිය ගැන දැන ගත්තොත් සෝමපාල එක්ක වෛර බඳිනවා. ඔබට අපි ඊට වඩා හොඳ සාධාරණයක් කරන්නම්” යැයි කියූ ගවේෂකවරයා සෝමපාල පියවි සිහියට පත් කොට උපදෙසක් දුන්නේය.

“ඒ අහිංසකයාට එදා රුපියල් පන්සියය දුන්නා නම් මිනිහා ජීවිතේ නැති කර ගන්නෙත් නෑ. මුදලාලි අසනීප වෙන්නෙත් නෑ. නිහාල් ඇවිත් ඉන්නේ මුදලාලිගෙන් පළිගන්නත් නොවෙයි. ලෝක ධර්මතාව අනුව මරණාසන්න මොහොතේ පහළ වූ චුති චිත්තයට ‍අනුව මුදලාලිගෙ අත මතක් වුණා. අතේ උපන්නා. ගමේ පන්සලට හීල් දානයක් පිරිනමා නිහාල්ට පින් දෙන්න. නිහාල්ගෙ ගෙදර අයටත් උදව්වක් කරන්න. හැබැයි මේ සිද්ධිය කියන්න එපා. මට හැමදාම කෙසෙල්කැන් ගෙනැත් දීපු මනුස්සයානෙ කියලා උදව්වක් කරන්න. ඒ දානය දීලා නැවත එන්නැ”යි උපදෙස් දුන්නේය.

සෝමපාල බිරිය සමඟ වියළි ආහාර ද්‍රව්‍ය හා ඇඳුම් පැලඳුම් රුපියල් 20,000/= පමණ රැගෙන නිහාල්ගේ නිවසට ගොස් බාර දී කතා බස් කළහ. පන්සලේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා දෙනමට හීල් දානයක් සකස් කොට පූජා කරන්නට ද කතා බස් කර ගත්හ.

ඒ අනුව නිහාල්ගේ බිරියත් දරුවෝත් දන් අඩුක්කුවක් ගෙන ගොස් පූජා කළහ. සෝමපාල මුදලාලි කැවිලි පලතුරු හා පිරිකර දෙකක් ද ලබා දුන්හ.

ඉන් පසු නැවත ගුප්ත ‍ගවේෂණ මධ්‍යස්ථානය කරා ගියහ. ඒ යන විට ඔහුගේ අත සුවපත්ව තිබුණි. එදින ද ගවේෂකවරයා භූතාත්මය දිෂ්ටි ගැන්වීය.

“කොහොමද? පින් අනුමෝදන් වුණා” දැයි ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“ඔව් මහත්මයා. මට දැන් සතුටුයි. මම මුදලාලිගෙ අතෙන් ඉවත් වුණා. දැන් මම ඉන්නේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟ. මට සතුටුයි. මට සතුටුයි. මම යනවා”යි භූතාත්මය ඉවත්ව ගියේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages