කල්ඉකුත් වූ කෝටියක තෙල් හසුවේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-02

කල්ඉකුත් වූ කෝටියක තෙල් හසුවේ.

Olive-oil

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කල්ඉකුත් වූ ආනයනික ඔලිව් තෙල් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය බාරයට ගෙන ඇති බව සඳහන් වේ. එම අධිකාරිය වෙත ලද තොරතුරක් මත පිටකොටුව පරණ යෝන් වීදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම ඔලිව් තෙල් තොගය ඔවුන් බාරයට ගෙන ඇති බව පැවසේ.

ඒවායේ සඳහන් වූ නියමිත කල් ඉකුත්වීමේ දිනය සහ නිෂ්පාදිත දිනය ඉවත් කොට නව දින ඇතුළත් ලේබල අලවා නැවත වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික අධිකාරිය බාරයට ‍ගෙන ඇති බව සඳහන් වේ.

සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඩ මුදලක් නියම කර මුදා හැරීමට පියවර ගෙන ඇති බවත් පාරිභෝගික අධිකාරිය බාරයට ගැනුණු ඔලිව් තෙල් තොගය විනාශ කිරීමට ද කටයුතු කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

The post කල්ඉකුත් වූ කෝටියක තෙල් හසුවේ. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages