පළමු ජය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-26

පළමු ජය ලබයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 26-18කින් පරාජය කළ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ සමත්විය.

කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ පස්වරු පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 15-8කින් පෙරමුණ ගත් සී.එච්. පිල තරගය පුරා උත්සාහක දිනුම් 4ක් සහ දඬුවම් පහර 2ක් වාර්තා කළ අතර ගුවන් හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් පමණි.

දෙපිලම මේ තරගයට එක්වූයේ පළමු තරග 2ම පරාජයට පත්වූ කණ්ඩායම් ලෙසටය. සී.එච්. පිල සිය පළමු තරග 2න් සී.ආර්.පිලට සහ හැව්ලොක්ස් පිලට පරාජය වූයේ එක් ලකුණකිනි.

ඡායාරූප - වාසිත පටබැඳිගේ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages