හොරණ අශෝක විදුහලට කරාතේ ශූරතාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-21

හොරණ අශෝක විදුහලට කරාතේ ශූරතාවක්

Author(s): 
හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති සමස්ත ලංකා කරාතේ තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට හොරණ අශෝක විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ඔවුන් එහිදී රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 2ක් හිමිකර ගැනිමට සමත් විය.

අධ්‍යක්ෂක ලබුගම නාරද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විදුහල්පති සුමිත් කරුණානායක මහතාගේ මඟ පෙන්වීමෙන් ක්‍රීඩා උපදේශක චානක කුමාර, කරාතේ උපදේශක නාලක රණසිංහ, හසන්ති කාංචනා සහ පුහුණුකරු හේමාල් උඩහගේ යන මහත්ම මහත්මිහු මේ කණ්ඩායම පුහුණු කළහ.

Post Bottom Ad

Pages