ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකියි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-05

ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකියි.

Court

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා අද(05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූණු අවස්ථාවේදි මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා  බලා ඇති අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මෙහිදී නීතිඥ ජේ. සී. වැලිඅමුණ පෙනී සිට ඇත.

The post ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකියි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages