මහනුවර ක්‍රීඩකයෝ අපරාජිතව ඉදිරියට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-26

මහනුවර ක්‍රීඩකයෝ අපරාජිතව ඉදිරියට

Author(s): 
ෆවුස් මොහොමඩ්

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සිය තුන්වැනි තරගයත් ජයගත් වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය අපරාජිතව පෙරමුණ රැක ගැනීමට සමත්විය. රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේ පෙරේදා පැවැති තරගයෙන් යුද හමුදා කණ්ඩායම ලකුණු 38-10කින් පරදවා මහනුවර පිල සිය අපරාජිත බව තවදුරටත් රැකගත්තේය.

තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 14-5කින් පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩකයෝ තරගය නිමා කළේ ගෝල් 5ක් සහ ඩ්‍රොප් ගෝලයක් සමගය. පරාජිත යුද හමුදා පිලට රැස් කිරිමට හැකිවූයේ උත්සාහක දිනුම් දෙකක් පමණි. තරගය පුරා සිය අණසක පතුරුවාලූ මහනුවර පිල වෙනුවෙන් හේෂාන් කල්හාර, ධනුෂ්ක රන්ජන්, රොෂාන් වීරරත්න, බුවනෙක උඩංගමුව සහ තිළිණ විජේසිංහ උත්සාහක දිනුම් වාර්තා කළ අතර තිළිණ විජේසිංහ එම උත්සාහක දිනුම් සියල්ලම ගෝල බවට පත් කිරීමට සමත්විය.

යුද හමුදා පිල වෙනුවෙන් සුධාරක දික්කුඹුර සහ සුගත් නානායක්කාර උත්සාහක දිනුම් වාර්තා කළහ.

සී.ආර්.පිලට පොලීසිය පරදී

මේ අතර පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 38-17කින් පරදවා මෙවර තරගාවලියේ පිට පිට තුන්වැනි ජයග්‍රහණය වාර්තා කිරිමට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 26-17කින් පෙරමුණ ගත් සී.ආර්.පිල ගෝල් 4ක් සහ උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර පොලිස් කණ්ඩායම ගෝලයක්, උත්සාහක දිනුමක් සහ පැනල්ටි උත්සාහක දිනුමකට හිමිකම් කීවේය‍.

හැව්ලොක්ස් ජය ගනී

නාවික හමුදා පිල සමග තරග වැදුණු හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 22-18ක ජයක් අත්කර ගත්තේය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 12-6කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල තරගය පුරා ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් එල්ල කළ අතර නාවික හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් පමණි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages