තිසරගේ උත්සාහය අපතේ යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-26

තිසරගේ උත්සාහය අපතේ යයි

පන්දු 13කින් ලකුණු 47ක් රැස්කරමින් තිසර පෙරේරා දියත් කළ වේගවත් ඉනිම අපතේ යවමින් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන දහයයි10 ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් පක්ටූන්ස් පිල හමුවේ සින්ධිස් ලකුණු 8කින් පරාජයට පත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පක්ටූන්ස් පිල කඩුලු 6ක් දැවී ලකුණු 137ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය සින්ධිස් පිලට ඕවර 10 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 129ක් පමණි.

සින්ධිස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ තිසර පෙරේරා හයේ පහර 7ක් සමගින් ලකුණු 47ක් රැස්කළ අතර නායක ෂේන් වොට්සන් පන්දු 14කින් ලකුණු 29ක් ඉනිමට එක් කළහ. පන්දු 4කට මුහුණදුන් ඉසුරු උදාන හයේ පහරක් සමගින් ලකුණු 11ක් රැස් කළේය.

පන්දු 29කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 68ක් රැස්කළ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් පළමුව පන්දුවට පහරදුන් පක්ටූන්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.

ශෆිකුල්ලාහ් ශාෆික් පන්දු 16කින් ලකුණු 45ක් රැස්කළ අතර ඔහු සහ ෆ්ලෙචර් අතර දෙවැනි කඩුල්ලට ගොඩනැගුණු සබඳතාව ලකුණු 63කි.

බෙන් කටින් සහ ජොෆර් කඩුලු 2 බැගින් දවාගත් අතර ඕවර 2කදී ලකුණු 38ක් ලබාදුන් ඉසුරු උදානට කඩුලු දවා ගැනීමට නොහැකිවිය.

පක්ටූන්ස් - 137/6 (ඕවර 10) ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 68, සෆිකුල්ලා ෂාෆික් 45

සින්ධිස් 129/8 (ඕවර 10) තිසර පෙරේරා 47, ෂේන් වොට්සන් 29, ඉසුරු උදාන 4/11

බෙන්ගාල් පිලට ජය

මේ අතර තරගාවලියේ දහවැනි තරගයෙන් පන්ජාබ් ලෙජන්ඩ්ස් පිල පරදවා කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට බෙන්ගාල් ටයිගර්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් පිල කඩුලු 9ක් දැවී ලකුණු 77ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය බෙන්ගාල් පිල ඕවර 6කදී ජය හිමිකර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමිකර ගනිමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages