සෞදි මාධ්‍යවේදී ජමාල් ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධ බව CIA ප්‍රකාශ කර නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-24

සෞදි මාධ්‍යවේදී ජමාල් ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධ බව CIA ප්‍රකාශ කර නෑ

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට මොහොමඩ් බින් සල්මාන් කුමරු සම්බන්ධ බව සී. අයි. ඒ ආයතනය ප්‍රකාශ කර නැති බව අමෙරිකානු ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසන්නේ සී. අයි. ඒ ආයතනය විසින් සිදු කර ඇත්තේ එවන් ඝාතනයක් සඳහා සල්මාන් කුමරු ගේ අනුග්‍රහය අවශ්‍ය බවට උපකල්පනය කිරීම පමණක් බවයි.

කෂෝගි ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධ බවට නිගමනයට පැමිණ නැති බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කරයි. මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය පිළිබඳව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු දැන සිටින්නට ඇති වුවත් එරට සම ස්ථාවර සබඳතා පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පවසයි. අඥානයන් ලෙස සෞදි අරාබිය සම පවතින වෙළෙඳ ගනුදෙනු අවලංගු කළහොත් රුසියාව සහ චීනය ඉන් වාසි අත් කර ගනු ඇති බව ට්‍රම්ප් සඳහන් කරයි.

මීට දින කිහිපයකට පෙර වාර්තා වූ‍යේ මාධ්‍යවේදී ජමාල්ගේ ඝාතන සිද්ධිය පටිගත වී ඇති හඬපටය ඇසීම ඉතා අපහසු කාර්යක් බව පවසමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම හඬපටය ඇසීම ප්‍රතික්ෂේප කරනු ලැබූ බවයි. සී.අයි.ඒ. ප්‍රධානි ජීනා හැස්පල් ද පසුගියදා තුර්කියට ගොස් තුර්කි පරීක්ෂකයන් හමුවී ඝාතනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු ප්‍රකාශ කළේ කෂෝගී ඝාතනය කවුරුන්ගේ උපදෙස් මත සිදු වූයේ ද යන්න මෙන්ම සිරුර අතුරුදන් කළ ආකාරය පිළිබඳව ද සියලු විස්තර තමන් සතු බවයි.

Post Bottom Ad

Pages