
මේ වසරේ ගතවූ කාලය තුළ සිදු කළ වැටලීම්වලදී පොලිස් භාරයට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 05කට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 430ක තොඟයක් පොලිස් බාරයට ගෙන ඇති බවයි.
එහි වටිනාකම රුපියල් මිලියන 5,166ක් පමණ වන බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
එම හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 37,304 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙරටින් හමුවූ දෙවන විශාලතම හෙරොයින් තොඟය ඊයේ(05) බේරුවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පොලිස් බාරයට ගැණුනු අතර ඒ පිළිබඳ කරුණූ පැහැදිලි කිරීම සඳහා අද පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පල කළේය.
http://sinhala.adaderana.lk/news/100368/%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A-%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-05%E0%B6%9A%E0%B6%A7-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A-%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
No comments:
Post a Comment