ඔබට කොහොමද? දෙසැ: 09 සිට දෙසැ.15 තෙක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-08

ඔබට කොහොමද? දෙසැ: 09 සිට දෙසැ.15 තෙක්




මේෂ

කල්පනාකාරී වන්න

ලග්නාධිපති කුජ අයස්ථානයේ ද, සිකුරු හතේ ස්වක්ෂේත්‍රව මාලවී යෝගයෙන් ද, සඳු, ශනි නවයේ ද, ගුරු, රවි අටේ ද ගෝචරය වීම තුළ තම කටයුතු කරගෙන යාමේ දී තරමක් කල්පනාකාරී වන්න. විටෙක යම් යම් බාධා අවහිරතා ඉස්මතු විය හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. අනපේක්ෂිත ලැබිම්වලට ඉඩ පවතී. ගෙදරදොර කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න. ශරීරයට විෂබීජ ඇතුළුවීම, බෝවන රෝග යනාදියෙන් පරිස්සම් වන්න.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා
-----------------------------------------------------------------------------------------------------------------
කටක

සමපලයි

යෝගකාරක කුජ අටේ ද, ගුරු 5 ද, ශනි 6 ද ගමන් කරන අතර රාහු ලලග්නයේ ද කේතු 7 ද ගෝචරය වේ. මෙම පිහිටීම තුළ මෙම කාල සීමාව මිශ්‍රපලදායක තත්ත්වයක් උදා කරයි. නොඑසේ නම් විටින් විට බාධා අවහිරතා ඉස්මතු වන බැවිනි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද වියදම් පක්ෂය ඉහළ යයි. ණයතුරුස්වීමේ ඉඩක් පවතින නිසා ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු, දරුවන්ගේ කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී වඩාත් කල්පනාකාරී වන්න. ශරීර සෞඛ්‍යයට බාධා වේ.

ජය වර්ණය - ක්‍රීම්, අංකය - 07, දිනය - සඳුදා
-----------------------------------------------------------------------------------------------------------------
තුලා

බුද්ධිමත් වන්න

ලග්නාධිපති සිකුරු ලග්නයේම ස්වක්ෂේත්‍ර මාලවී යෝගයෙන් සිටී. කුජ 5 ද, කේතු 4 ද, රාහු 10, ශනි 3 ගමන් කරයි. තමාගේ කටයුතු ලිහා ගැනීමට අපහසු අන්දමට සංකීර්ණ තත්ත්වයන් උදා කරනු ඇත. එනිසා ඉතාමත්ම බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. තමාගේ තත්ත්වයට බාධා එල්ල වේ. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් ශුභදායකක වේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතුවල දී ද තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. උදරාශ්‍රිත රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියට ඉඩ පවතී.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා
-----------------------------------------------------------------------------------------------------------------
මකර

බාධා සහිතයි

ලග්නාධිපති ශනි 12 ද, ගුරු 11 ද, කේතු ලග්නයේ රාහු 7, කුජ දෙකේ ගමන් කරයි. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතුවලට අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබුව ද යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැක. එම නිසා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග උදා කර ගත හැක. නොඑසේ නම් සාමයට සමගියට බාධා එල්ල වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි උනන්දු වන්න. ඉගෙනීමේ යෙදී සිටින අයට තරමක් බධා සහිත නිසා උනන්දු විය යුතුයි. බඩවැල් ආශ්‍රිත පීඩා, මලබද්ධය වැනි රෝගවලට ඉඩ පවතී.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා
-----------------------------------------------------------------------------------------------------------------
වෘෂභ

බාධා අවහිරතා

ලග්නාධිපති සිකුරු හයේ හර්ෂ යෝගයයි. යෝගකාරක සෙනසුරු අටේ ගමන් කරයි. මෙම පිහිටීම් අනුව මෙම කාල සීමාව තුළ තරමක සංකීර්ණ ගති ඉස්මතු වේ. තීන්දු තීරණයන්ට එළැඹීමේ දී ඉතා කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු විය හැකි බැවිනි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී වඩාත් ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සාමාන්‍යයි. ඉගෙනීම්වල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ යහපත් ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා
-----------------------------------------------------------------------------------------------------------------
සිංහ

වෙනස්කම් ඇතිවේ

ලග්නාධිපති රවි, ගුර, බුධ හතර වැන්නේ සිටී. ශනි 5 ද රාහු 12, කේතු 6 සිටීම තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී සැලකිය යුතු අන්දමේ වෙනස්කම් ඇතිවීමේ ඉඩක් පවතී. එම නිසා උසස් නිලධාරීන්, ප්‍රධානීන් සමග කටයුතුවල යෙදීමේ දී බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශනි 5 ගමන් කිරීම තුළ පසුබෑම්, බාධාවලට ඉඩ පවතින නිසා උනන්දුවෙන් ක්‍රියා කළ යුතුයි. ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න.

ජය වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිදා
-----------------------------------------------------------------------------------------------------------------
වෘශ්චික

සමපලයි

ලග්නාධිපති කුජ 4 ද, ගුරු, රවි, බුධ ලග්නයේ ද ශනි දෙකේ ද කේතු 5 රාහු 11 ද ගමන් ගනී. මෙම කාල සීමාව තුළ සුළු සුළු බාධා අවහිරතා ඇතත් ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කරගනු ඇත. සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආදායම් ලබයි. ඉගෙනීමේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සැලසේ. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාබාධවලට ඉඩ පවතී. පරිස්සම් වන්න.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා
-----------------------------------------------------------------------------------------------------------------
කුම්භ

ශුභා’ශුභ මිශ්‍රයි

ලග්නාධිපති ශනි 11 ද, ගුරු 10 ද, රාහු 6, කේතු 12 ද කුජ ලග්නයේ ද ගමන් කරයි. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතුවල දී බාධා ප්‍රමාදතා බලපායි. එම නිසා ඉතාමත් උත්සාහයෙන් ද කැපවීමෙන් ද යුක්තව ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සිදු වේ. ඉගෙනීම්වල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආගමික අංශයට නැඹුරුව ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සෙනසුරාදා
-----------------------------------------------------------------------------------------------------------------
මිථුන

බුද්ධිමත් වන්න

ලග්නාධිපති බුධ හයවැන්නේ රවි, ගුරු සමගයි. යෝගකාරක සිකුරු පස්වැන්නේය. මෙම කාල සීමාව තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු වනු ඇත. එම නිසා වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ප’වේසම්ව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශයෙන් නම් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග පාදා ගනු ඇත. ප්‍රේම සම්බන්ධතාවලට ඉඩ පවතී. ඉගෙනීම් කරන අයට සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වුවත් තරමක් උනන්දුව තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. බෝවන රෝග, ශරීරයට විෂබීජ ඇතුළුවීම, මූත්‍රා දෝෂාදියට ඉඩ පවතී.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා
-----------------------------------------------------------------------------------------------------------------
කන්‍යා

බාධා සහිතයි

ලග්නාධිපති බුධ, රවි, ගුරු 3 ද, ශනි 4 ද, රාහු 11 ද කේතු 5 ගමන් කරයි. තම කටයුතුවලට බාධා අවහිරතා එල්ල වනු ඇත. එම නිසා තමාගේ තත්ත්වය පහළ වැටීමට ඉඩ පවතින නිසා ඉතාමත් බුද්ධිමත්ව ද කල්පනාකාරීව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතුවල දී සාමය සමගිය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට විටින් විට බාධා අවහිරතා එල්ල විය හැකි නිසා උත්සාහයෙන් ක්‍රියා කළ යුතුයි.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා
-----------------------------------------------------------------------------------------------------------------
ධනු

ඉගෙනීමට සුබයි

ලග්නාධිපති ගුරු 12 ද ශනි ලග්නයේ ද කේතු 02, රාහු 8 ද කුජ තුනේ ද ගමන් කරයි. තම කටයුතුවලට යම් යම් බාධා අවහිරතා ඉස්මතු වනු ඇත. එම නිසා වෘත්තීය සහ රැකියා කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුයි. බුද්ධිමත්ව ක්‍රියා කරනු ඇත. මිල මුදල් ලැබීම යහපත් වුව ද ගුරු 12 සිටීම තුළ ආගමික අංශය උදෙසා වියදම ඇති වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ඉගෙනීමේ යෙදී සිටින අයට ශුභයි. උත්සාහය තුළ සාර්ථක ඵල ලබයි. වැටීම්, තැළීම්, තුවාල පීඩා මතු කළ හැක.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා
-----------------------------------------------------------------------------------------------------------------
මීන

වියදම් අධිකයි

ලග්නාධිපති ශනි 10 ද, ගුරු නවයේ ද, රාහු 5, කේතු 11 ද, කුජ 12 ගමන් කරයි. මෙම කාල සීමාව තුළ තමාගෙග් කටයුතුවලට බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා ඉතාමත් කල්පනාකාරීව ද, බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. දරුවන්ගේ කටයුතු උදෙසා කාලය, ධනය, ශ්‍රමය වැය වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. ඉගෙනීම්වලට බාධා ප්‍රමාදතා ගෙනදිය හැක. උත්සාහය තුළ සාර්ථක කර ගනී. අනතුරු පීඩා, තුවාල, ලේ දූෂ්‍යාබාධ, සෙම් රෝගාදියෙන් ද පරිස්සම් වන්න.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්.ගුණපාල - silumina

Post Bottom Ad

Pages