දිවි ඇති තෙක් සිර දඬුවම් විඳින සැමුවෙල් ලිට්ල්ට ඝාතන චෝදනා 90ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-04

දිවි ඇති තෙක් සිර දඬුවම් විඳින සැමුවෙල් ලිට්ල්ට ඝාතන චෝදනා 90ක්

මනුෂ්‍ය ඝාතන 03ක් සම්බන්ධයෙන් මේ වන විට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින 78 හැවිරිදි සැමුවෙල් ලිට්ල් නම් පුද්ගලයා අමෙරිකාවේ ප්‍රාන්ත 14ක් තුළ මනුෂ්‍ය ඝාතන 90 කට ද සම්බන්ධ බවට පාපෝච්චාරණය කරන බව එෆ්. බී. අයි ආයතනය අනාවරණය කරයි.

මේ පුද්ගලයා අතින් ඝාතනය වූ වැඩි පිරිස කාන්තාවන් බව සඳහන් වේ. ඔහු විසින් පළමු ඝාතනය සිදු කර ඇත්තේ 1987 වසරේ දී වන අතර මනුෂ්‍ය ඝාතනවලට අමතරව කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය සහ පහරදීම් සම්බන්ධ චෝදනා රැසක්ද සැකකරුට එල්ලවී ඇති බවයි වාර්තා වේ. මේ වන විටත් සිදු කරන ලද විමර්ෂණ හමුවේ ඔහු ඝාතන 30 කට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරන බව එෆ්. බී. අයි වැඩි දුරටත් පවසයි.

අමෙරිකානු ඉතිහාසයේ වඩාත් දරුණු ඝාතකයන් අතරට සැමුවෙල් ලිට්ල්ගේ නම ද ඇතුළත් කර තිබේ.

Post Bottom Ad

Pages