ටායිබු බදුරඑළියට ආනයනය වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-04

ටායිබු බදුරඑළියට ආනයනය වෙයි

සිම්බාබ්වේ ක්‍රිකට් පිලේ හිටපු නායක ටටෙන්ඩා ටයිබු මෙරට පළමුපෙළ ක්‍රිකට් කණ්ඩායමක් වන බදුරඑලිය ක්‍රීඩා සමාජයට එක්වීමට නියමිතව ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවිය සඳහන් කරයි. මේ මස අගභාගයේදී ටයිබු බදුරඑලිය ක්‍රීඩා සමාජයට එක්වනු ඇතැයි එම වෙබ් අඩවිය කියා සිටී.

35 හැවිරිදි කඩුලු රකින පිතිකරුවකු වන ටයිබු අවුරුදු 21දී (2004 වසරේදී) සිම්බාබ්වේ පිලේ නායකත්වය දරමින් ලෝක ටෙස්ට් ඉතිහාසයේ ළාබාලතම ක්‍රිකට් නායකයා බවට පත්විය. වසර 2012දී ක්‍රීඩාවෙන් සමුගත් හෙතෙම ආගමික කටයුතුවලට යොමුවෙමින් ධාර්මික ජීවිතයකට හුරුවිය. සිම්බාබ්වේ පිල වෙනුවෙන් ටෙස්ට් තරග 28කට, එක්දින තරග 150කට සහ විස්සයි20 තරග 17කට ක්‍රීඩා කර තිබේ.

වෘත්තීමය ක්‍රීඩා දිවියක් ආරම්භ කරමින් බදුරඑලිය ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට තීරණය කිරීමේ උත්තේජනය ලැබුවේ සිය පුත්‍රයා සමග කළ කතාබහකදී බව ඔහු කීවේය.

‘මා බොහෝ අවස්ථාවලදී කියා ඇති පරිදි මගේ ජීවිතයට මඟ පෙන්වීමක් හැඟීම්බර හෝ මනා සැලසුම් සහිත බවකින් ලැබුණේ නෑ. නමුත් මා විශ්වාස කරන්නේ මගේ හදවතින්ම නැගෙන එක්තරා හඬක් මට මග පෙන්වන බවයි. එය නොසළකා හරින්න මට නොහැකියි.‘ ටායිබු කියා සිටී.

‘මගේ පුතා ටෙටෙන්ඩා (කනිෂ්ඨ) නිතරම මගෙන් අහනවා මම කොහොමද ක්‍රීඩාවට යොමු වුණේ කියලා. දැන් ඔහුත් ක්‍රීඩාවට උනන්දුවක් දක්වනවා. මම ක්‍රීඩා කරනවා දැකීමට ඔහුට අවස්ථාවක් නොලැබුණේ ඒ වනවිට ඔහු ඉතා ලාබාල වයසේ පසුවූ නිසයි. මම සම්පූර්ණයෙන්ම නිරෝගී හා ශාරිරික යෝග්‍යතාව අතින් ඉහළ තලයකයි සිටින්නේ. මට තවමත් ක්‍රීඩාවේ නිරතවෙන්න හැකියාව ඇති බව මට දැනෙනවා. දැන් පුතාට අවස්ථාවක් ලැබේවි තාත්තා ක්‍රීඩා කරනවා බලන්න.‘ මේ වනවිට එක්සත් රාජධානියේ පදිංචිවී සිටින ටායිබු ප්‍රකාශ කර තිබේ.

Post Bottom Ad

Pages