ලෝක ලයිට් හෙවිවේට් බොක්සිං වළල්ලේ ස්ටීවන්සන් ඇද වැටෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-04

ලෝක ලයිට් හෙවිවේට් බොක්සිං වළල්ලේ ස්ටීවන්සන් ඇද වැටෙයි

ජාත්‍යන්තර බොක්සිං වළල්ලේ වයස්ගතම ක්‍රීඩකයා සහ වැඩිම කාලයක් ලයිට් හෙවිවේට් ශූරතාව රැකගත් හයිටි සම්භවයක් සහිත කැනඩා ජාතික ඇඩොනිස් ස්ටීවන්සන් පසුගියදා යුක්රේනයේ ඔලෙක්සැන්ඩර් ග්වොස්ඩික් හමුවේ පරාජයට පත්වෙමින් තම ශුරතාව අහිමි කරගත්තේය. එම තරගයේ 11 වැනි වටයේදී ප්‍රතිවාදියා අතින් එල්ල වූ දරුණු පහරකින් බිම ඇද වැටුණු අතර පසුව රෝහල් ගත කෙරිණි. ඔහුගේ තත්ත්වය මුලදී තරමක් බරපතළ වූවත් මේ වනවිට ක්‍රමයෙන් සුව අතට හැරෙමින් තිබෙන බව වාර්තා වෙයි.

පළමුවරට 2013දී අමෙරිකාවේ චැඩ් ඩෝසන් පරාජය කරමින් ලෝක ලයිට් හෙවිවෙට් කිරුළ දිනාගත් ස්ටීවන්සන් අවස්ථා 10කදීම සිය කිරුළ රැකගැනීමට සමත්වී තිබිණි. වසර 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී යුක්රේනයට බොක්සිං ලෝකඩ පදක්කමක් දිනා දුන් ග්වොස්ඩික් ප්‍රධාන මට්ටමේ තරගයක ජයග්‍රහණය අත්කරගත් පළමු අවස්ථාව මෙය විය.

ග්වොස්ඩික් හමුවේ පරාජයට පත්වී බිම ඇද වැටුණු ස්ටීවන්සන් පසුව රෝහල් ගත කළේ ගිලන් ඇඳක ආධාරයෙනි. ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පසුව ඔහුගේ කළමනාකරු යුවොන් මයිකල් ප්‍රකාශ කර තිබිණි.

තරගයෙන් ජයගෙන ලෝක ලයිට් හෙවිවෙට් නවතම ශූරයා බවට පත්වූ ග්වොස්ඩික් පසුව තම ප්‍රතිවාදියා ගැන දැඩි කනගාටුවට පත්වී සිටියේය. හෙතෙම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ස්ටීවන්සන්ගේ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ද අමතක නොකළේය.

Post Bottom Ad

Pages