මිෂෙල් ඔබාමා සිය ඇඳුම් ගැන කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-31

මිෂෙල් ඔබාමා සිය ඇඳුම් ගැන කියයි

ඇඳුම් පිළිබඳව තමා සෑම මොතොතකම වඩාත් සැලකිලිමත් වන නමුත් සිය සැමියා ධවල මන්දිරයේ ගත කළ නිල කාල දෙක පුරාම එකම කබායකින් උත්සව සඳහා සහභාගී වූ බව අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු පළමු කාන්තාව අනාවරණය කළාය.
 
බරක් ඔබාමා බලයේ සිටි අවුරුදු අටක කාලය පුරා රාත්‍රි භෝජන සංග්‍රහ සඳහා අඳින ලද්දේ එකම උඩ කබායක්( tuxedo) බව ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා කියයි. ඇය පවසන්නේ අමෙරිකානු ජනාධිපතිවරයා හැටියට කටයුතු කළ නිල කාල පරිච්ඡේද දෙක තුළ සියලු නිල උත්සව සඳහා සැරසුණ එම උඩු කබායට තම සැමියා බෙහෙවින් ඇලුම් කළ බවයි. 
 
නිල උත්සව වලදී කළු පැහැති පහසු ඇඳුම් කට්ටලයකින් සැරසෙන ජනාධිපති බරක් ඔබාමා විවේක අවස්ථාවන්හිදී ඔහු ඉතා ආශා කළ තවත් ඇඳුම් විලාසිතාවක් වන "Mom jeans" කලිසමෙන් ද සැරසෙයි.
"Mom jeans" යනු 1980 සහ 1990 දශකයන්හි කාන්තා කලිසමක් සෝපාහාසත්කමව හැඳින්වීමට නිර්මාණය කෙරුණ යෙදුමකි.
 
එම විලාසිතා ගණයට වැටෙන පිරිමි කලිසම (Dad Jeans ) ඉතා පහසු සැහැල්ලු ඇඳුමකි.
 

Post Bottom Ad

Pages