ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කීපයක පාසල් සිසුන් උද්ඝෝෂණයේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-04

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කීපයක පාසල් සිසුන් උද්ඝෝෂණයේ

දේශගුණික විපර්යාස සඳහා කඩිනම් ක්‍රියාමාර්ගය ඉල්ලා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම පාසල් සිසුන් උද්ඝෝෂණයක නිරත වේ. මෙම උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා සිසුන් සිය පාසල් ගමන මඟ හැර ඇති වාර්තා වේ.

මෑත කාලීනව දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියාවට විවිධ ස්වාභාවික ව්‍යසනවලින් බලපෑම් එල්ල වූ අතර මේ වන විටත් එක් කොටසක පැතිරී යන ලැව් ගින්නකින් ද තවත් කොටසක ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයකින් ද පීඩාවට පත් වී ඇත.

වායු විමෝචන වාර්තාව අනුව ද පසුගිය වසරේ සිට මේ වසර දක්වා ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්හි කිසිදු ගුණාත්මක වර්ධනයක් සිදුව නැති බව පෙන්නුම් කෙරේ.

උද්ඝෝෂණයට එක්ව සිටින පාසල් සිසුන් අවධාරණය කරන්නේ ඕස්ට්‍රේලියා රජය දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

Post Bottom Ad

Pages