මහින්දට විපක්ෂ නායකකම අහිමි නොවේ.. බැසිල් කළ අවුල ජනපති බේරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-20

මහින්දට විපක්ෂ නායකකම අහිමි නොවේ.. බැසිල් කළ අවුල ජනපති බේරයි

Image result for maithree basil

මහින්ද රාජපක්ෂ මහතාට හදිසියේ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාදීම සහ ඒ මහතා විසින් එම සාමාජිකත්වය මාධ්‍ය ඉදිරියේ භාර බාර ගැනීම නිසා මේ වනවිට පාර්ලිමේන්තුව තුළ මතුවී ඇති අවුල බේරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බව තහවුරු කරමින් කථානායකවරයාට ලිපියක් යැවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කොට ඇති බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඝෝෂා කළ පමණින් තේරීම් කාරක සභා හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ නායක කම අහිමි කළ නොහැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ පෙන්වා දෙති.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages