දෙහිවලින් හමු වුයේ මෙරට ඉතිහාසයේ වැඩිම හෙරොයින් තොගයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-31

දෙහිවලින් හමු වුයේ මෙරට ඉතිහාසයේ වැඩිම හෙරොයින් තොගයි

මෙරට ඉතිහාසයේ මෙතෙක් පොලිස් භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 278ක් වු විශාලතම හෙරොයින් මත්කුඩු තොගය අද (31) පස්වරුවේ දෙහිවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී විදේශිකයින් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද සමත් විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අනාවරණ කළේ මෙතෙක් මෙරටට හෙරොයින් බෙදා හැරි ආරක්ෂිතම ස්ථානය ලෙස යොදා ගෙන ඇත්තේ මෙම මත්කුඩු තොගය හමුවු නිවාස බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන පැමිණ ඇති බවයි.

මෙලෙස පොලිස් භාරයටගත් හොරොයින් තොගය රුපියල් මිලියන 3,336 කට මිල කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages