උතුරු කොරියානු නායකයාගෙන් දකුණට පොරොන්දුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-31

උතුරු කොරියානු නායකයාගෙන් දකුණට පොරොන්දුවක්

න්‍යෂ්ටික අවිහරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නව වසරේදී නිරන්තරයෙන් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-යින් මුණ ගැසීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් පොරොන්දු වෙයි.
 
 සෝල් නුවර වෙත ලිපියක් යොමු කරමින් නායක කිම් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර සාමය ස්ථාපිත කිරීමට තමන්ට අවශ්‍ය බවයි. ඒ සඳහා දෙරට එක්ව න්‍යෂ්ටික අවිහරණ ගැටළුව නිරාකරණය කළ යුතු බව දකුණේ ජනාධිපති මූන් ගේ ප්‍රකාශකයකු සඳහන් කරයි. 
 
2018 වසරේ දී සෝල් නුවර වෙත පැමිණීමට නොහැකි වීම පිළිබඳව මද කණස්සලක් ඇති බව කිම් පවසා තිබේ.  පසු ගිය සැප්තැම්බරයේ ජනාධිපති මූන් ප්යොන්ග්යැන්ග් හි සිදු කළ සංචාරයෙන් පසු නායක කිම් සෝල් නුවර සංචාරය කිරීමට පොරොන්දු විය. උතුරු කොරියාවට ගිය මූන් ජනාධිපතිවරයා "දෙරට නැවත වරක් එක් රටක්" විය යුතු බව සඳහන් කළේය. 
 
නායක කිම් ගේ ලිපිය සෝල් නුවරට ලැබීමට සැලැස්වූයේ කෙසේ දැයි ජනාධිපති මූන් ගේ ප්‍රකාශකය අනාවරණය කර නැත. 

Post Bottom Ad

Pages