ගොවීහු පාර්ලිමේන්තුවට පා ගමනින් එති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-04

ගොවීහු පාර්ලිමේන්තුවට පා ගමනින් එති

කෘෂිකර්මාන්තය මුහුණ පා සිටින දරුණු අර්බුදය පිළිබඳව රජයේ අවධානය ‍යොමු කරවමින් දස දහස් ගණනක ගොවීහු දිල්ලි නුවර පාර්ලිමේන්තුව දක්වා පා ගමනින් පැමිණියහ. අස්වැන්න සඳහා සාධාරණ මිලක් මෙන්ම නියඟයෙන් සහ ණය බරින් මුදා ගන්නා ලෙස ඉල්ලමින් රටේ සිවුදෙසින් පැමිණි ගොවීන් මේ සඳහා එක් විය.

වසර ගණනක් තිස්සේ ඉන්දීය කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර නිරන්තරයෙන් ගොවීන් ගේ විරෝධතා දැකිය හැකිය. එසේම ගොවි ණය ගෙවා ගත නොහැකිව වසරකට විශාල ගොවීන් පිරිසක් සියි දිවි නසා ගන්නා බව වාර්තා වේ.

පසුගිය මාර්තු මාසයේ දී මහාරාශ්‍ට්‍රයේ සිට කිලෝ මීටර් 160ක් පා ගමනින් පැමිණි ගොවීන් පවසන්නේ තවමත් ඔවුන් එම අර්බුදයේම පසුවන බවයි. භාරතීය ජනතා පක්ෂයට ඡන්දය ලබා දුන්නත් ගොවීන්ට එරෙහි ප්‍රතිපත්ති නිසා තමන් දැඩි සේ පීඩාවට පත්ව සිටින බව ඔවුහු පවසති.

Post Bottom Ad

Pages