අශාන් සහ කසුන් සම්මාන දිනති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-04

අශාන් සහ කසුන් සම්මාන දිනති

Author(s): 
ගීෂා මුණසිංහ

“හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2018” මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ සමස්ත මෝටර් රථ ධාවන සමස්ත තරගමාලාව ජයගත් අශාන් සිල්වා දක්ෂතම රියැදුරා ලෙසත්, බුද්ධික කසුන් සිල්වා දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙසත් නවීනතම මෝටර් රථ දිනාගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) ,‘හච්’ ටෙලිකොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගමේ හා මැකිසීස් ටයර් සමාගමේ අනුග්‍රහය ඇතිව 2018 වසරේ සංවිධාන කළ “හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2018” මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ ත්‍යාග හා කුසලාන ප්‍රදානය පසුගිය දා රත්මලාන ‘ඊගල් ලේක්සයිඩ්’ උත්සව ශාලාවේදී පැවැත්විණි.

2018 වසරේ විශිෂ්ට මෝටර් රථ ක්‍රීඩකයන් ඇගැයීමට ලක් කරමින් ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) මෙහිදී නවීනතම මෝටර් රථ දෙකක් හා නවීනතම හොන්ඩා යතුරුපැදි දෙකක් ඇතුළු ත්‍යාග හා කුසලාන ප්‍රදානය කළේය.

ෆොක්හීල් සුපර්ක්‍රොස්, කැවැර්ලි සුපර්ක්‍රොස්, කලම්‍‍බෝ සුපර්ක්‍රොස්, කමාන්ඩෝ චැලේන්ජ් හා ලයන්ස් ටොප් ස්පීඩ් යන තරගවලි ඇතුලත් වු “හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2018” තරග මාලාවේ එස්. එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා ‍මෝටර් රථ තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 100ක් ලබා පසුවු අශාන් සිල්වා දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස නවීනතම මෝටර් රථයකට හිමිකම් කී අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ බුද්ධික කසුන් සිල්වා ප්‍රසාද ලකුණු 56 ලබමින් එම්.එක්ස්. 175 -250සී.සී. (4ටී) / 100 – 125 සී.සී. (2ටී) මෝටර් ක්‍රොස් ශූරතා යතුරුපැදි තරග ඉසව්වෙන් පෙරමුණේ පසුවෙමින් දෙවැනි මෝටර් රථය දිනාගත්තේය.

එස්.එල්./එන්. 1500සී.සී. ෆෝඩ් ලේසර් මැස්ඩා තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ කුෂාන් පීරීස් සහ එස්.එම්. සූපර් මෝටාඩ් වීවෘත යතුරුපැදි තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් දේශාන් සොලංකී සහයක තරග ඉසව් වෙනුවෙන් ප්‍රදානය කළ නවීනතම හොන්ඩා යතුරුපැදි ද්විත්වයේ හිමිකරුවෝ බවට පත්වූහ.

සෙසු සහයක තරග ඉසව්වලදී අවුරුදු 15න් පහළ “ජේ” කාණ්ඩයේ 79 – 85 සී.සී. (2ටී) හා 100 - 150සී.සී.(4ටී) යතුරුපැදි තරග ඉසව්වෙන් වැඩිම ප්‍රසාද ලකුණු ලබාගත් ස්ටේෆාන් ප්‍රනාන්දු කුසලානය දිනාගත් අතර ඒරන් ගුණවර්ධන “එම්” කාණ්ඩයේ නවීකරණය කරන ලද 250 සී.සී.(4ටී) විවෘත යතුරුපැදි ඉසව්වෙන් කුසලාන දිනාගැනීමට සමත් විය. එස්.එල්./එච්. 1618 මෝටර් රථ තරග ඉසව්වෙන් වැඩිම ප්‍රසාද ලකුණු ලබාගත් කුෂාන් පීරීස් දෙවැනි හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් කුසලානයත් දිනාගත් අතර එස්.එල්./එච් සුභාරු ලෙගසී 2000සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් වැඩිම ප්‍රසාද ලකුණු හිමිකරගත් මල්ලික කරුවිටආරච්චි කුසලන දිනා ගැනීමට සමත් විය.

ක්‍රීඩා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ බලකායේ ආඥාපති මේජර් ජේනරාල් රැල්ෆ් නුගේරා මහතා හා මෙරට මෝටර් රථ ක්‍රීඩාවට ඉමහත් දායකත්වයක් සැපැයූ හැන්ස් රැල්ෆ් කාපේන්සී, හච් ටෙලිකොමිනිකේෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩේෂන් හා මැක්සීස් ආයතනයේ අධ්‍යක්ෂ ගයාන්‍ ෆොන්සේකා මහත්වරුන්‍ ගේ සහභාගීත්වයෙන් ත්‍යාග ප්‍රදානය සිදුවිය.

 

Post Bottom Ad

Pages