ආබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් ජාතික පිලේ වරප්‍රසාද - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-04

ආබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් ජාතික පිලේ වරප්‍රසාද

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර
ලෝක කුසලානය දිනාගත් ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිලේ නායක ගිමෝද් මැල්කම් වෙත ඇමෙරිකානු ඩොලර් 500ක තෑග්ග ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් අතින් පරිත්‍යාග කළ අයුරු.

ඇ. ඩො. 500 බැගින් තිළිණ

ජාතික ක්‍රිකට් පිලට හිමි සියලු වරප්‍රසාද දෘෂ්‍යාබාධිත හා ශ්‍රවණාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින්ට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පවසයි. ආබාධිත ක්‍රීඩකයින්ට අනුකම්පාව නොව සම අයිතිය ලබාදිය යුතු බව ඔහු අවධාරණය කරයි. ලෝක කුසලානය දිනාගත් ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිලට මුදල් පරිතයාග කරමින ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය.

එංගලන්තය - ඔස්ට්‍රේලියාව වැනි රටවල ක්‍රිකට් ආයතන යටතේ දෘෂ්‍යාබාධිත හා ශ්‍රවණාබාධිත ක්‍රිකට් පාලනය වෙනවා. අපත් එවැනි ක්‍රමවේදයක් අනුගමණය කරනවා. මේ අය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හා සමානයි. අද පටන් දෘෂ්‍යාබාධිත හා ශ්‍රවණාබාධිත ක්‍රිකට් ක්‍රිඩකයින් සම්පත් හොයන්න රස්තියාදු විය යුතු නෑ. ඉදිරි ගමන රැකීමට අප කැපවෙනවා“ යනුවෙන් සදහන් කළේය.

ලෝක කුසලානය දිනාගත් ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිලේ සියලු ක්‍රීඩකයින්ට හා පුහුණුකරුවන්ට ඇමෙරිකානු ඩොලර් 500 බැගින් පිරිනැමුණු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් හා රොෂේන් සිල්වා එක් වූහ. මෙම මුදල් පරිත්‍යාග ක්‍රීඩා ඇමැතිවරයාගේ නියෝග මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සිදු කළේය.

වසර 1996න් හා 2014න් පසුව ලෝක ක්‍රිකට් කුසලානයක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කළ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිලේ සියලු ක්‍රීඩකයින්ට ගෞරවය හිමිවිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් මෙම මාධ්‍ය හමුවේදී පැවැසීය “ මේ අවස්ථාවේදී සියලුම දෙනා සතුටට පත්වී සිටිනවා. විශාල කැපවීමකින් ලෝක කුසලානය දිනාගත් ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිලේ සියලුම ක්‍රීඩකයින්ට ඉදිරියේදී තව තවත් ශක්තිය හා වාසනාව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් හිමිකරදීමට කැමැතියි“ චන්දිමාල් පැවැසීය.

Post Bottom Ad

Pages