ආඩිඅම්බලම අත්පන්දු පිටියේ දී සීදූව පිලට ජය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-04

ආඩිඅම්බලම අත්පන්දු පිටියේ දී සීදූව පිලට ජය

ආඬිඅම්බලම මහා විද්‍යාලයීය අත්පන්දු පිටියේ පළමු අත්පන්දු තරඟය ‘Gymnasium Isernhagen Challenge Cup‘ පසුගිය දා පැවැත්විණි. මෙම පාසැලේ සිසුන් සඳහා සංගීත භාණ්ඩ සහ ක්‍රීඩා උපකරණ ද එමගින් ප්‍රදානය කරනු ලැබීය.

sri lanka-Arbeitsgemeinschaft Isernhagen (slagi) මුල්‍ය අනුග්‍රහයෙන් ඉදි කරන ලද එම අත්පන්දු පිටියේ

පැවැති තරඟය සඳහා ආඬිඅම්බලම මහා විද්‍යාලය සහ තවත් කණ්ඩායම් 3ක් තරග වැදුන අතර එහිදී ජයග්‍රහණය කළ සීදුවෙන් සහභාගි වූ කණ්ඩායමේ නායකයා වෙත සභාපති Moller විසින් පිරිනමනු ලැබීය.

1995 වසරේ සිට Gymnasium Isernhagen හි Sri-Lanka-AG හි ස්වේඡා පුණ්‍ය කටයුතු පදනම පැවතෙන අතරතුර Arbeitsgemeinschaft පදනම ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරිණි. ඔවුන් විසින් නිරන්තරයෙන්ම නව ව්‍යාපෘති වෙත සිය අවධානය යොමු කළ අතර 2004 වසරේ ඇති වූ සුනාමි තත්ත්වය හමුවේ ‘රන් ෆෝ හෙල්ප්‘ ඇතුළු විවිධ ව්‍යාපෘති තුළින් මුදල් රැස් කළේය. එසේම ශ්‍රී ලංකාව සමග පාසැල් සිසුන් හුවමාරුවක් ද ආරම්භ කළේය. සිය ජාලය පුළුල් කරමින් මේ දින වල Moller ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔහු විසින් නොමිලේ ජර්මන් භාෂා පාඨමාලාවක් ද මෙහෙයවමින් සිටී.

Post Bottom Ad

Pages