‘බජාජ් කියුට්’ මහා මාර්ග ප්‍රවිෂ්ටයට සූදානම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-08

‘බජාජ් කියුට්’ මහා මාර්ග ප්‍රවිෂ්ටයට සූදානම්


ඉන්දියාවේ පූනේහි බජාජ් ඔටෝ ලමිටඩ් මූලස්ථානයේ පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ මිලින්ද් බාදේ (උප සභාපති - අලෙවි, බජාජ් ඔටෝ ලිමිටඩ් ඉන්දියා), කේ. එස්. ග්‍රිහපති (ජ්‍යෙෂ්ඨ උප සභාපති - ජාත්‍යන්තර වෙළෙඳ, බජාජ් ඔටෝ ලිමිටඩ් ඉන්දියා), ශානක ජයවීර (අධ්‍යක්ෂ - වාහන විකුණුම්, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්), මනීෂ් සිං රතෝ (උප සභාපති - දකුණු ආසියා සහ මැද පෙරදිග, බජාජ් ඔටෝ ලිමිටඩ් ඉන්දියා) මහත්වරු


බජාජ් කියුට් කොඩ්‍රිසයිකල් රථය ඉන්දියාවේ අලෙවි කිරීමට 2018 ජුනි මාසයේදී මධ්‍යම රජයේ අනුමැතිය ලැබුණු අතර මේ වන විට ප්‍රාන්ත 18ක ප්‍රවාහන අධිකාරියද එය අනුමත කර ඇත. ඒ අනුව කේරල සහ රාජස්තාන් ප්‍රාන්තවල කියුට් රථය අලෙවි කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව බජාජ් ඔටෝ ලිමිටඩ් හි ජ්‍යෙෂ්ඨ උප සභාපති (අන්තර්ජාතික වෙළෙඳ) කේ. එස්. ග්‍රිහපති මහතා පැවසුවේය.

පසුගියදා ඉන්දියාවේ පූනේ නගරයේ අකුර්දිහි පිහිටි බජාජ් ඔටෝ ලිමිටඩ් ප්‍රධාන කාර්යාලයේ සහ වලූජ් සහ චකන් නිෂ්පාදන සංකීර්ණවල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේ පළමුව කියුට් රථය අලෙවි කරන ලද පාරිභෝගිකයන්ගෙන් ඒ පිළිබඳ ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි.

“බජාජ් කියුට් රථයේ ආගමනය සමඟ පරිසර හිතකාමී, ආරක්ෂිත මෙන්ම සුව පහසු නව ප්‍රවාහන මාධ්‍යයක් පාරිභෝගිකයන්ට ලබා දීමට අපට හැකියාව ලැබී තිබෙනවා. අපි කියුට් රථය රටවල් 30කට අපනයනය කරන අතර මේ වන විට කියුට් රථ 7,000ක් පමණ එම රටවල්වලට අලෙවි කර තිබෙනවා. ඒ හැම රටකම පාරිභෝගිකයන් කියුට් රථයට විශාල ආකර්ෂණයක් දක්වනවා. අපි කියන්න සතුටුයි ශ්‍රී ලංකාවේ මේ වන විට කියුට් රථ 650ක් පමණ අලෙවි කර ඇති බව” යැයි ග්‍රිහපති මහතා පැවසුවේය.

ප්‍රමාණය, බර, වියදම සහ වේගයෙන් උපරිම ප්‍රතිලාභ ලැබිය හැකි අයුරින් අඩු වියදමකින් යුතූ, පොදු ප්‍රවාහන සේවයක පභසුව ලබාගැනීම තෙක් හෝ පොදු ප්‍රවාහන සේවයක් නොමැති විටක ගමනාගමනය සලසා ගැනීමට හෙවත් ‘පළමු සහ අවසාන සැතපුම ගමන් කිරීමේ’ ප්‍රවාහන අවශ්‍යතාවට විසඳුමක් ලබා දෙමින් බජාජ් කියුට් රථය නිර්මාණය කර ඇත. බජාජ් කියුට් රථය පරිසරි හිතකාමී මෙන්ම ඉන්ධන පිරිමැසුම්දායක, බජාජ් වාහනවලටම ආවේණික වූ DTSi තාක්ෂණයෙන් එන එන්ජිමකින් සමන්විත වන අතර ප්‍රමාණය සහ හැසිරි වීම අතින් අග තැන්පත්, ඉහළ ආරක්ෂාවක් ලැබෙන පරිදි සියලු කොටස් එක්ව නිමවන ලද මොනොකොක් බඳ සහිත, ගමන් මලු ඇසිරීමේ පහසුවද සමඟින් එන මනා ඉඩ කඩ සිහිත ඇතුළත බජාජ් කියුට් රථයේ විශ්වසනීයත්වය තව දුරටත් වැඩි කරයි.

Post Bottom Ad

Pages