පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ කර ඇති බව වාර්තා වේ .
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවාහරමින් මහ මැතිවරණයක් කැඳවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට පක්ෂව මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් හා විපක්ෂව මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත්විය.
එම පෙත්සම් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 දා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම පෙත්සම් අද (04දා) , 05 දා හා 06 දා විභාග කිරීමට නියමිතව තිබේ.
The post පාර්ලිමේන්තුව විසිරීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ. appeared first on Lanka News Column.
No comments:
Post a Comment