ලෝක යුනිෆයිට් ශූරතාවලියේදී රුමින්ද රුක්ෂාන්ට රිදී පදක්කමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-12-05

ලෝක යුනිෆයිට් ශූරතාවලියේදී රුමින්ද රුක්ෂාන්ට රිදී පදක්කමක්

ජාත්‍යන්තර ආධුනික යුනිෆයිට් සම්මේලනය සංවිධාන කළ 2018 ලෝක යුනිෆයිට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට රුමින්ද රුක්ෂාන් ඩීහුටී සමත් විය.

රුසියාවේ කාලුගා රිජන් නගරයේ පැවැති තරගාවලියේදී ක්ලැසික් ඉසව් කිලෝග්‍රෑම් 75 බර පංතියෙන් තරග කරමින් රුමින්ද මේ පදක්කමට හිමිකම් කීය. එම ඉසව්වේ අවසන් තරගයේදී රුමින්ද ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයකු හමුවේ පරාජයට පත්විය.

රිදී පදක්කම දිනාගත් රුමින්ද ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්යය බළකා ක්‍රීඩකයෙකි.

ක්ලැසික් හා ලයිට් යන ක්‍රීඩා ඉසව් දෙක යටතේ පැවැති මේ තරගාවලියට ශ්‍රී ලංකා යුනිෆයිට් සම්මේලනය මගින් ශ්‍රී ලංකාව නියොජනය කරමින් රුමින්ද සමගින් මහෙෂ් අනුරුද්ධ එක්කර තිබිණි. කණ්ඩායමේ කළමනාකරු ලෙස උදිත පිරිස් මහතා සහභාගි විය.

තාරුණ්‍යයට ඔබින නව ආරක ක්‍රීඩාවක් ලෙස හැඳින්වෙන යුනිෆයිට් ක්‍රීඩාවේදී හමුදා පුහුණුවීමි වැනි දුෂ්කර අභ්‍යාස සහිත බාධක තරණයත් ආත්මාරක්‍ෂක ශිල්පීය ක්‍රමත් අන්තර් ගතය. යුනිෆයිට් ක්‍රීඩාව ප්‍රථමව ශ්‍රී ලංකාවට හඳුන්වාදී මේ තරගාවලිය හා ව්‍යාප්ත කිරිම් කරනු ලැබුවේ නාවික හමුදාවේ නාවික හා සාගරික විද්‍යා පීඨය මගිනි.

Post Bottom Ad

Pages