19න් පහළ පිලේ නායකත්වය නිපුන් ධනංජයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-03

19න් පහළ පිලේ නායකත්වය නිපුන් ධනංජයට

නිරෝෂාන් ප්‍රියංකර

සංචාරක ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලේ ක්‍රීඩක නිපුන් ධනංජයට හිමිව තිබේ.

නිමාවු අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරතාව කරා ගෙන ගිය නිපුන් ධනංජය බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිලේ මෙරට සංචාරයේදී එක්දින තරගාවලිය 2-1ක ජයක් කරා ගෙන යෑමට සමත් විය.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය යටතේ තෝරාගත් 15 දෙනකුගෙන් යුත් සංචිතයට දිලුම් සුදීර, තවීෂ අභිෂේක්, ඩිල්ෂාන් මධුසංක, කවිෂ්ක ලක්ෂාන් සමගින් ප්‍රවීන් නිමේෂ් කැඳවා තිබේ. ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල අවසන් වරට සහභාගිවූ බංග්ලාදේශය සමග තරගාවලියට එක්වූ සඳුන් මෙන්ඩිස්, රවිඳු රෂාන්,‍ එම්.සී. ප්‍රේමදාස සහ නවීන් ප්‍රනාන්දුට අවස්ථාව අහිමිවී තිබේ.

දෙපිල අතර පළමු එක්දින තරගය අද (3) පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 5 වැනිදාත්, තෙවැනි තරගය 7 වැනිදාත් එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. මේ තරගාවලියට ඇතුළත් එකම තුන්දින තරගය 10 වැනිදා සිට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා අවුරදු19 න් පහළ සංචිතය - නිපුන් ධනංජය (නායක), කමිල් මිෂාර, සොනාල් දිනූෂ, අෂේන් ඩැනියල්, රොහාන් සංජය, ප්‍රවීන් නිමේෂ්, අවිෂ්ක තරිඳු, දිලුම් සුදීර, කවිෂ්ක ලක්ෂාන්, චමිඳු ප්‍රියමාල්, තවීෂ අභිෂේක්, දිල්ෂාන් මධුෂංක, නවෝද් පරණවිතාන, මොහොමඩ් ශමාෂ්, රවීන් ද සිල්වා

Post Bottom Ad

Pages