විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-11

විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (11) පැවති විස්සයි – 20 තරගය ලකුණූ 35 කින් ජයග්‍රහණය කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
 
ලකුණු 180 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 05 කදි සියළු දෙනා දැවි ලබා ගැනිමට සමත් වුයේ ලකුණූ 144 ක් පමණි.
 
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 179  ක් ලබා ගැනීමට සමත් විය.
 
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 03ක් සහ ලසිත් මාලිංග කඩුලු 02ක් බිඳ හෙළුවේය.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව පසු කර යාමට හැකියාව ලැබුණේ නැත.

Post Bottom Ad

Pages