අයර්ලන්ත ‘ඒ’ 286/4යි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-14

අයර්ලන්ත ‘ඒ’ 286/4යි

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි සිවුදින නිල නොවන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදෙන සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම ඊයේ පළමු දිනයට තරගය නතර කරනවිට කඩුලු 4ක් දැවී ලකුණු 286ක් රැස්කර තිබිණි.

ලොකන් ටකර් ලකුණු 61ක් සහ නීල් රොක් ලකුණු 57ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට ගොඩනැගුණු නොබිඳුණු සබඳතාව ලකුණු 128කි. පන්දු 128කට මුහුණදුන් ටකර් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඉනිමට එක්කර ගත් අතර හතරේ පහර 5ක් එල්ල කළ රොක් පන්දු 133කට මුහුණදී තිබිණි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ජේම්ස් ෂැනන් (13) දවා ගැනීමට චාමික කරුණාරත්න සමත්වූ අතර ජේම්ස් මැකලම් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 110ක සබඳතාවක් ගොඩනැගීමට ස්ටීවන් ඩොහෙනි සමත් විය. එම සබඳතාව නිමා කිරීමට මොහොමඩ් ශිරාස් සමත්වූයේ ලකුණු 72ක් ලබාසිටි මැකලම් ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමිනි. පන්දු 105කදී හතරේ පහර 7ක් මැකලම්ගේ ඉනිමට එක්විය. මුළු ලකුණු 151දී තෙවැනි කඩුල්ල ලෙස නායක හැරී හෙක්ටර් (8) පිටියෙන් ඉවත් කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වූ අතර තවත් ලකුණු 7ක් එක්වෙද්දි ඊයේ දිනයේ දවාගත් දෙවැනි කඩුල්ල ලෙස ඩොහෙනි පිටියෙන් ඉවත් කිරීමට කරුණාරත්නට හැකිවිය. පන්දු 103කට මුහුණදුන් ඩොහෙනි හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමග ලකුණු 58ක් රැස් කළේය.

සූරියවැව පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය අදයි. අයර්ලන්ත ‘ඒ’ පළමු ඉනිම - (ඕවර 82) ජෙම්ස් මැකලම් 72, ස්ටීවන් ඩොහෙනි 58, ලොකන් ටකර් නොදැවී 61, නීල් රොක් නොදැවී 57 (චාමික කරුණාරත්න 54/2)

No comments:

Post a Comment

Post Bottom Ad

Pages