අයර්ලන්තයට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා ප්‍රියන්ජන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-01

අයර්ලන්තයට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා ප්‍රියන්ජන්

සිවුදින තරග 2කට සහ එක්දින තරග 5කට ක්‍රීඩා කිරීම සඳහා පෙරේදා පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි අයර්ලන්ත ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සමග තරග වදින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකත්වයට අෂාන් ප්‍රියන්ජන් නම් කර තිබේ. දෙපිල අතර දෙදින පුහුණු තරගය අද (1) කටුනායකදී ආරම්භ වන අතර පළමු සිවුදින තරගය 5 වැනිදා සිට එස්.එස්.සී.පිටියේදී පැවැත්වෙයි.

දෙවැනි සිවුදින තරගය මේ මස 13 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු හා දෙවැනි එක්දින තරග මේ මස 19 හා 21 දෙදින එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි. 24 සහ 26 පැවැත්වෙන තුන්වැනි හා සිවුවැනි එක්දින තරග එස්.එස්.සී.පිටියේදිත් අවසන් එක්දින තරගය 29 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදිත් පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම මෙසේය - අෂාන් ප්‍රියන්ජන් (නායක), ඇන්ජෙලෝ පෙරේරා (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, ළහිරු මිලන්ත, හසිත බෝයගොඩ, පැතුම් නිශ්ශංක, සම්මු අෂාන්, කමිඳු මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, මනෝජ් සරත්චන්ද්‍ර, ලසිත ඇඹුල්දෙණිය, නිශාන් පීරිස්, අමිල අපෝන්සු, නිසල තාරක, චාමික කරුණාරත්න, ශෙහාන් මධුසංඛ, මොහොමඩ් ශිරාස්, දිලේෂ් ගුණරත්න.

Post Bottom Ad

Pages