එජාපය එක්ක හවුල් ආණ්ඩු නෑ… ශ‍්‍රීලනිපයයි – පොහොට්ටුවයි එකතුවෙලා රටට නියම සංවර්ධනයක් ගේනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-14

එජාපය එක්ක හවුල් ආණ්ඩු නෑ… ශ‍්‍රීලනිපයයි – පොහොට්ටුවයි එකතුවෙලා රටට නියම සංවර්ධනයක් ගේනවා

මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ නායකත්වය මුල්කරගෙන වමේ බලවේගයක් විදිහට අපේ පොදුජන පෙරමුණත් වමේ බලවේග ඒකරාශී කරගනිමින් යනවා.

අපිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වශයෙන් තනිව තරග කරලා දිනන්න අමාරුයි. ඒ වගේමයි පොදු ජන පෙරමුණටත්. අපි දෙගොල්ල එකතුවෙලා මේ රට නියම සංවර්ධනයක් කරා ගෙනියන්න වැඩකරනවා මිසක් වමේ අපි ආයෙ එක්සත් ජාතික පක්‍ෂය එක්ක හවුලක් නෑ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අභිනව මහා ලේකම් ධුරය ලැබීමෙන් අනතුරුව පඬුවස්නුවරට එමින් සිටි අතරමගදී කුලියාපිටිය ආසන සංවිධායක නීතිඥ අතුල විජේසිංහ මහතා විසින් නගර මධ්‍යයේදී පෙරේදා (12දා) සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් ඒ බව පැවැසීය.


Post Bottom Ad

Pages