ජාත්‍යන්තර විවෘත ග්‍රැප්ලින් තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් ත්‍රිත්වයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-02

ජාත්‍යන්තර විවෘත ග්‍රැප්ලින් තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් ත්‍රිත්වයක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති 2018 ජාත්‍යන්තර විවෘත ග්‍රැප්ලින් ශූරතාවලියේදී පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙහිදී කිලෝග්‍රෑම් 77 බර පන්තිය යටතේ තරග වැදුණු පොලිස් විශේෂ කාර්යය බළකා ක්‍රීඩක ඒ. ජී. ඩී. පී. බණ්ඩාර රිදී පදක්කම දිනාගත් අතර කිලෝග්‍රෑම් 92 ට අඩු බර පන්තියෙන් තරග කළ ගුවන් හමුදා ක්‍රීඩක ඒ. එස්. සී. ඩී. සෙනෙවිරත්න ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

සටන් කලා ක්‍රීඩා ගණනාවක් සමගින් මේ ග්‍රැප්ලින් ක්‍රීඩාව ද ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් උදිත පිරිස් ප්‍රවීණයන්ගේ ශූරතාව සඳහා තරග වැදුණු අතර එහි විවෘත ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඔහුට හැකි විය.

පදක්කම් ලාභීන් සමගින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩබ්.ලක්මාල් (ගුවන් හමුදාව) සහ ඒ. ඒ. සී. එච්. කේ. අටම්පොල (පොලිස් විශේෂ කාර්යය බළකාය)ද සහභාගිවූ අතර නිලධාරීන් ලෙස බලඝන නායක පී. එස් ජයතිලක (කළමනාකරු) සහ කේ. පී. ඩබ්. ආර්. කේ. පතිරණ (යුද හමුදාව) නිලධාරීන් ලෙස මේ සංචාරයට එක්විණි.

මේ තරගාවලියට සමගාමීව තීරක හා විනිසුරු පාඨමාලාවක්ද පැවැති අතර ඒ සඳහා පී.එස්.ජයතිලක, කේ.පී.ඩබ්.ආර්.කේ.පතිරණ සහ උදිත පීරිස් මහත්වරුද එක්වූහ.

ග්‍රැප්ලින් යනු සාමිප්‍රදායික සටන් කලාවන් කිහිපයකින් සැදුම් ලද්දක් වන අතර ක්‍රීඩාවේදී එක් එක් බර පන්තීන් යටතේ නිල් රතු වශයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් තරග වදිති. මේ සඳහා එකිනෙකා හා පොර බැදීම, විසිකිරිම්, ග්‍රහනය කිරීම, අත් පාද බෙල්ල සිර කිරීම් ආදිය ඇතුළත්ය.

Post Bottom Ad

Pages