යළි ජාතික ආණ්ඩුවක් – එජාපය සාකච්ඡා අරඹයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-25

යළි ජාතික ආණ්ඩුවක් – එජාපය සාකච්ඡා අරඹයි

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි පවසයි.

විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු සමග ඒ පිළිබද සාකච්ඡා කර ඇති අතර එම දෙපාර්ශවය අතර පසුගියදා සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා තිබේ.

ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඔවුන් සිව් දෙනා එක්සත් ජාතික පක්ෂයට සහය දීමට ද එකගතාව පළ කර ඇති බවද දේශපාලන ආරංචි පවසයි.

මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින් සමග ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ගැනීමේ සාකච්ඡා ද මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ ඉහළම නායක මට්ටමෙන් ක්‍රියාත්මක වන බවද එම ආරංචි මාර්ග වැබිදුරටත් සදහන් කරයි.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සරල බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමට මේ වන විට පරිසරය නිර්මාණය වී ඇතැයි පෙරමුණේ පක්ෂ නායකයකු ද සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages