ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව පරදවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-14

ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව පරදවයි

සංචාරක ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග එස්.එස්.සී පිටියේ පැවැති තුන්දින තරගයෙන් කඩුලු 3ක ජයක් අත්කර ගැනීමට නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල සමත් විය.

තරගයේ අවසන් දිනය වු පෙරේදා ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 151කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 112ක ඉලක්කය කඩුලු 7ක් දැවී තිබියදී සපුරා ගැනීමට සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු යොවුන් පිල කඩුලු 9ක් දැවී ලකුණු 269කට පළමු ඉනිම අත්හිටවූ අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 309ක් රැස් කළේය.

ඔස්ට්‍රේලියානු යොවුන් පළමු ඉනිම - 269/9යි. (ඕවර 83.2) රොකී හන්ටර් 71, බැක්ස්ටර් හෝල්ට් 60 (රොහාන් සංජය 94/5, රුවින් පීරිස් 40/2) සහ දෙවැනි ඉනිම - 151යි. ජෙරඩ් ෆ්‍රීමන් නොදැවී 52 (ඕවර 58.3) (රොහාන් සංජය 37/4), සඳුන් මෙන්ඩිස් 56/4)

ශ්‍රී ලංකා පළමු ඉනිම - 309/8යි. (ඕවර 98) කමිල් මිෂාර 105, මොහොමඩ් සමාස් 43 (ජරාඩ් ෆ්‍රීමන් 82/3, සැක් එවන්ස් 57/2, තන්වීර් සන්ගා 61/2) සහ දෙවැනි ඉනිම - 114/7යි. (ඕවර 19.4) නිපුන් ධනංජය 35 (සැක් එවන්ස් 44/6)

No comments:

Post a Comment

Post Bottom Ad

Pages