යුද හමුදාව කඳුරට බලකොටුවට පහර දෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-14

යුද හමුදාව කඳුරට බලකොටුවට පහර දෙයි

නිත්තවෙල සිය කණ්ඩායමේ තරගබිමේදි වසර ගණනාවක් පුරා රැකගෙන සිටි ආධිපත්‍යයත්, මෙවර තරගාවලියේ අපරාජිතභාවයත් දෙකම බිඳ දමා යුද හමුදා ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයෙන් ලකුණු 23-22කින් වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කිරීමට පෙරේදා සමත්විය.

මහනුවර පිල මේ අනපේක්ෂිත තියුණු පරාජයට හසුවූයේ අන්තර් සමාජ ලීග් තරග බිමේ එකදිගටම ජයග්‍රහණ 33කට හිමිකම් කියමින් සිටියදීය. එමෙන්ම වසර 2016 වැලිසර පැවැති තරගයකින් නාවික හමුදා පිල හමුවේ පරාජය වීමෙන් පසුව මහනුවර ක්‍රීඩකයන් පරාජයට පත්වූයේ පළමුවරටය. මෙවර තරගාවලියේ පෙරේදා වනතුරු සහභාගි වූ තරග අටම ජයගෙන සිටි මහනුවර පිල හමුවේ යුද හමුදාව ලැබුවේ ඔවුන්ගේ තුන්වැනි ජයග්‍රහණයයි. ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් සමග යුද හමුදා පිල ජයග්‍රහණය ලබද්දී මහනුවර පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුම් 3ක් පමණි.

තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 15-12කින් පෙරමුණ ගත් යුද හමුදා පිලේ ජයග්‍රහණය තහවුරු කළ ගයාන් සාලින්ද 60 වැනි මිනිත්තුවේදී අනගි උත්සාහක දිනුමක් තැබීමට සමත්වු අතර අනුරුද්ධ විල්වර 74 වැනි මිනිත්තුවේදී තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීමට තිළිණ විජේසිංහ අසමත්වීමෙන් එක් ලකුණකින් යුද හමුදා පිල හමුවේ අසරණවීමට මහනුවර පිලට සිදුවිය.

අවසන් මොහොතේදී ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුමක් තැබීමට සමත්වූවත් එය නීතිවිරෝධී බවට තීන්දු කළ තරග විනිසුරු සරත් මඩුගල්ල තරගයේ ජයග්‍රහණය යුද හමුදා පිලට තහවුරු කළේය.

ගුවන් හමුදා පිල පළමු ජය ලබයි

මේ අතර මෙවර තරගාවලියේ මෙතෙක් ජයග්‍රහණ ඉඩෝරයකට මුහුණ පා සිටි ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පෙරේදා පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 16-7කින් සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 8-7කින් පෙරමුණ ගත් ගුවන් හමුදා පිල තරගය පුරා උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් රැස් කළ අතර පොලිස් කණ්ඩායම රැස් කළේ ගෝලයක් පමණි.

සී.එච්.පිලට ජය

ප්‍රබල සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 33-10ක ජයක් වාර්තා කිරීමට සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්විය. සී.එච්.පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 3ක් එක්වූ අතර සී.ආර්.පිලට උත්සාහක දිනුම් 2කට වඩා රැස් කිරීමට නොහැකි විය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages