මලියදේව බාලිකාවේ දක්ෂතම ක්‍රීඩිකාව තරංගනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-03

මලියදේව බාලිකාවේ දක්ෂතම ක්‍රීඩිකාව තරංගනා

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ වාර්ෂික වර්ණ රාත්‍රියේදී 2017 වසරේ සෑම අතින්ම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රන් පදක්කමින් පිදුම් ලැබීමට එම්.ටී.ටී. තරංගනා තන්තිරිමලගේ සමත් වූවාය.

ඇය 2015 වසරේදී පාසලේ ජ්‍යෙෂ්ඨ ද්විතික අංශයේ සෑම අතින්ම දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනා තිබීම විශේෂත්වයකි. ජිම්නාස්ටික්, ක්‍රිකට්, එල්ලේ, පිහිනුම්, බාස්කට්බෝල් සහ මලල ක්‍රීඩාවලට දස්කම් දැක්වීමට ඇය සමත්ව සිටී. 2015 වසරේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියටද, චීනයේ පැවැති දෙවැනි ආසියානු පාසල් ක්‍රීඩා තරගාවලියට සහභාගිවූ ඇය එහිදි රිදී පදක්කම් ද්විත්වයක් සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය.

මේ වනවිට සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක වන ඇය පසුගිය වසරේ පැවැති අන්තර් කාණ්ඩ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 3ක් දිනා ගනිමින් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි අභියෝගතා කුසලානය දිනා ගැනීමටද සම්ත වූවාය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages