නව ව්‍යවස්ථාව ගේනවාද නැද්ද තීරණය ව්‍යවස්ථා සභාවට පවරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-11

නව ව්‍යවස්ථාව ගේනවාද නැද්ද තීරණය ව්‍යවස්ථා සභාවට පවරයි

මෙරටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැද්ද යන්න තීරණය කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද (11 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ විශේෂඥයින්ගේ, දේශපාලන පක්ෂවල උගතුන්ගේ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ ද වාර්තා සමගය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන නව ව්‍යවස්ථා කෙටුම්පත මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස් වූ පසු ඊට ඉදිරිපත් කෙරේ.

ඒ අනුව මෙරටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට ව්‍යවස්ථාදායක සභාව තීරණය කළහොත් එම කටයුතු ඉදිරියට ගෙන යෑමටත්, ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ව්‍යවස්ථාදායක සභාව තීරණය කළහොත් එම කටයුත්ත නවතා දැමීමටත් පියවර ගන්නා බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.


Post Bottom Ad

Pages