සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාව කොළඹ සාන්ත ජෝශප් විදුහල දිනයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-14

සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාව කොළඹ සාන්ත ජෝශප් විදුහල දිනයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර
සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියේ ඊයේ පැවැති කොළඹ රාජකීය - සාන්ත ජෝශප් අවසන් මහා තරගයයේ උණුසුම් අවස්ථාවක්. (ඉහල) සහ තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩකයන් පිළිගනිමින්.

සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාව කොළඹ සාන්ත ජෝශප් විදුහල දිනා ගනියි. කොළඹ සුගතදාස පිටියේ ඊයේ පැවැති අවසන් මහා තරගයේදී සාන්ත ජෝෂප් විදුහල වෙතින් රාජකීය විදුහල ගෝල් 2-1කින් පරාජයට පත්විය.

මේ තරගයේදී දෙපිලම කරට කර සටනක නිරතවූ හෙයින් තරගයේ පළමු භාගය නිමා වෙද්දී ගෝල් වාර්තා නොවුණි. පළමු භාගයේදී සාන්ත ජෝශප් හා රාජකීය විදුහල් දෙකටම ගෝල් වාර්තා කිරීමේ පහසු අවස්ථා කිහිපයක් උදාවුණද ඒවා සාර්ථක නොවුණි. තරගයේ 51වැනි මිනිත්තුවේදී රාජකීය විදුහලේ නීති විරෝධී ක්‍රියාවකින් සාන්ත ජෝශප් විදුහලට දඩුවම් පහරක් පිරිනැමුණු අතර එය ෂෙනාල් පින්ගෝ සාර්ථකව ගෝල් කණුව තුළට එල්ල කළේය.

එයට කදිම පිළිතුරක් දුන් රාජකීය විදුහලේ බාසිත් අමීන් 58වැනි මිනිත්තුවේදී අගනා ගෝලයක් රැස්කොට ලකුණු සම තත්ත්වයට පත් කළේය. එහෙත් තරගය නිමාවීමට ඔන්න මෙන්න තිබියදී ක්‍රියාත්මකවූ සාන්ත ජෝශප් විදුහලේ කාවින්ද රූපසිංහ 92වැනි මිනිත්තුවේදී ජයග්‍රාහී ගෝලය එල්ල කළේය.

මේ තරගාවලියේදී පාසල් පාපන්දු ඉතිහාසයේ පෙරැළියක් කරමින් වසර 41කට පසු කොළඹ රාජකීය විදුහල විසින් මරදාන සහිරා විදුහල පරාජය කරමින් මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය. සහිරා - රාජකීය විදුහල් අතර අවසන් පූර්ව තරගයේදී දඬුවම් පහර 4- 3ක් ලෙස රාජකීය ක්‍රීඩකයෝ ජයග්‍රහණය කළහ. අනෙක් අවසන් පූර්ව තරගයේදී සාන්ත ජෝශප් ක්‍රීඩකයෝ කින්නියා මධ්‍ය මහා විදුහල ගෝල් 4 - 0කින් පරාජය කොට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

මේ වයස අවුරුදු 18න් පහළ පාසල් පාපන්දු තරගාවලියේ පිරිනැමුණු කුසලානය රිනවුන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා නමින් නම්කොට තිබුණි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages