ප්‍රියන්ත මහඋල්පතගම වින් ඩීසල් වෙලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-10

ප්‍රියන්ත මහඋල්පතගම වින් ඩීසල් වෙලා

ජනවාරි 10, 2019

නළුවකු වුණාම අභියෝග භාරගන්න වෙනවා. විශේෂයෙන්ම ත්‍රාසජනක හෝ සටන් දර්ශනවලදී. ඇතැම් විට ඊට ආදේශක නළුවන් යොදා ගන්න පුළුවන්කම තිබුණත් තමන් විසින්ම ඒවාට මුහුණ දෙන නළුවන් ඉන්නවා. කලණ ගුණසේකරත් එහෙම කෙනෙක්. මේ දවස්වල කලණ ඉන්න නාට්‍ය විකාශය වෙනවා. ජාතික නාළිකාවේ ක්‍රයිම් සීන් ඒ අතරින් විශේෂයි. කලණ එහි රඟපාන්නේ අමිත් නමැති රහස් පරීක්ෂක චරිතයක්. කලණට එක්තරා දර්ශනයක් තිබුණා කරන්න. ඒක සැබවින්ම ත්‍රාසජනක එකක්. මෝටර් බයිසිකලයකට නැගලා ඇවිත් කැබ් රථයක් මතට පනින්න ඕනෑ. පළමු වතාවේදී මෝටර් බයිසිකලයේ වේගය මදි නිසා දර්ශනය කට් වුණා.දෙවැනි වතාවේදී කලණ ටිකක් වේගයෙන් ඇවිත් පැන්නා කැබ් එකට. බයිසිකලය පැදෙව්වේ වෙන කෙනෙක්. කලණ පැන්න සැනින්ම වාගේ බයිසිකලය වැදුණා කැබ් එකේ. බැරි වෙලාවත් කලණ එතැන හිටියා නම් දරුණු අනතුරක් වෙන්න තිබුණා. වාසනාවට තත්පරයක් ගතවන්නට මත්තෙන් කලණ කැබ් එකට පැන්නා.

නිශ්ශංක විජේරත්න





Sarasaviya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages