ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා ආණ්ඩුවට එක් වීමේ චන්ද්‍රිකාගේ මෙහෙයුම්ට පොහොට්ටුවෙන් සහාය චන්ද්‍රිකාවාදීන් පුරසාරම් දොඩවයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-01-01

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා ආණ්ඩුවට එක් වීමේ චන්ද්‍රිකාගේ මෙහෙයුම්ට පොහොට්ටුවෙන් සහාය චන්ද්‍රිකාවාදීන් පුරසාරම් දොඩවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කැරැල්ලක් මෙහෙයවමින් සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ එක්ව සිටින මන්ත්‍රීවරයකුගේ පුරසාරම් වල්ට අනුව චන්ද්‍රිකාගේ මෙහෙයුමට ආණ්ඩුව පැත්තෙන් රාජ්ත සේනාරත්න අමාත්‍යවරයාවරයා බරටම උදව් කරන අතර එම කටයුතු සිදු වන්නේ පොදුජන පෙරමුණේ පක්ෂයේ යම් ප්‍රධානීන්ගේ එකඟතාවය මත ය.

ඔහුට අනුව ආණ්ඩුවට එක්වන මන්ත්‍රිවරුන් චන්ද්‍රිකාගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඩැහැ ගැනීමෙන් පසු ජාතිකව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඔවුන් සියලුදෙනාටම ඇමැතිකම් ලබා ගැනීමට නියමිතය.

ඔහුන්ගේ න්‍යාය අනුව චන්ද්‍රිකාගේ මෙහෙයුම සාර්ථක වීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – පොදුජන පෙරමුණ සන්ධානයක් සෑදීම පමා කළ යුතු අතර එවැනි සන්ධානයක් කිසිදාක හදන්නේ නැති බවට මතයක් හදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අවුල් කළ යුතුය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages